
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ අකාර්යක්ෂමතා සහ දූෂණ වංචා සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා පාලනය ශක්තිමත් කිරීමට එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට හැකියාව ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
ඖෂධ වර්ග කීපයක් හැරෙන්නට රජයේ රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් මට්ටමකට එන ඒමට ඔහුට හැකියාව ලැබී තිබෙන බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.
වෛද්‍යවරුන් රටහැර යෑමේ ප්‍රවණතාව අවම කර රටහැර ගිය වෛද්‍යවරුන් නැවත ලංකාවට පැමිණෙන මට්ටමකට ගෙන එම වෛද්‍ය පාලිත මහීපාල මහතාට හැකියාව ලැබී තිබෙන බවද වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
මීට වසර දෙකකට පෙර මෙරට රජයේ රෝහල්වල ඖෂධ 600 ක පමණ හිඟයක් තිබූ බවත් ඒ හේතුවෙන් රෝගීන් මියයෑම් ඉහළ යනු ඇති බවට වෘත්තීය සමිති මත පළකළ බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා හා දූෂණ සියයට 80 ක පමණ ප්‍රතිශතයකින් පහළ යද්දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දූෂිත තත්වයේ සහ අකාර්යක්ෂමතාවයේ කිසිදු වෙනසක් දකින්නට නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය. වයෝවෘද සභාපතිවරයකුගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු ඉවත්කරන තුරු මෙම තත්වය වෙනස් කළ නොහැකි බවත් වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට එයාගෙන් සහතිකයක් ඕනෑ වෙලාද කොහේද? පුළුවන් නම් ඔය කියපු ඒවා සාක්ශි සහිතව සංඛ්‍යා ලේඛන සහිතව ඔප්පුකර පෙන්වන්න කියන්න...!
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේත් දූෂණ විශාල වශයෙන් පිරුණු තැනක්. වෙනත් ආයතනවල වගෙ ලාභ අලාභ බලන්නේ නැති නිසා පිටට පෙන්නේ නෑ. දොස්තරලා ඇතුලු සේවක පිරිස ඇඟිලි සලකුණු තියන්නේ නෑ. මාසෙට සතියක් දෙකක්වගේ වැඩ කරලා මාසෙම වැඩ කළා කියලා දිනපොත් පුරවලා ලක්ෂ ගනණින් අතිකාල ගන්නවා. සමස්තය බැලුවොත් මාසෙකට බිලියන ගණනක්. මොකද එක් අයකුගේ අතිකාල පැයක් ආසන්නව රු 1000ක්. IMF එකෙන් පවා මේ දූෂණ හඳුනාගෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර යොදන්න කිව්වා. හැබැයි ඒකට ස්ට්‍රයික් කරලා අයින් කර ගත්තා. තවමත් එහෙම තියෙද්දි 80% දූෂණය අඩු කළා කියන්නේ කොහොමද?