ආසියානු සංචාරයක් ආරම්භ කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය.
වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් ජකර්තා අගනුවර ‘සෝකර්නෝ හත්තා’ ගුවන් තොටුපොළට පැමිණි 87 හැවිරිදි පාප්තුමන් සහ ඔහුගේ කණ්ඩායමට ඉන්දුනීසියානු රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද සුපුරුදු පරිදි පාප්තුමන් සමඟ මෙම ආසියානු සංචාරයට එක් වී සිටී.
පාප්තුමන් ඉන්දුනීසියා සංචාරයට පැමිණියේ ඉන්දුනීසියා රජයේ විශේෂ ඇරැයුමකට අනුවය.
පාප්තුමන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් පවා පැවැත්වෙයි.
ඉන්දුනීසියාවේ ඉස්ලාම් බැතිමතුන් ගණන සියයට 87 කි. ක්‍රිස්තියානුවන් ගණන සියයට 10 කි.
සර්ව ආගමික සමගිය පිළිබිඹු කරමින්, පාප්තුමන් ජකර්තා අගනුවර ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය සහ කතෝලික දේවස්ථානය යා කරමින් ඉදිකර ඇති උමං මාර්ගය ද පාප්තුමාගේ නිරීක්ෂණයට ලක්වනු ඇත.
මෙම උමං මාර්ගය නම් කර ඇත්තේ මිත්‍රත්වයේ උමඟ යනුවෙනි.
ඉන්දුනීසියානු සංචාරයෙන් පසු පාප්තුමන් නැගෙනහිර ටිමෝර් රාජයයේ, සිංගප්පූරුවේ සහ පැපුවා නිව් ගිනියාවේ සංචාරය කරනු ඇතැයි පැවැසෙයි. ඒ ඉදිරි දින 10 ක කාලය පුරාවටය.
ආගමික සහජීවනය කෙරෙහි අවධානය යොමු කරමින්, කාලගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් ලෝ වැසියන්ගේ අවධානය යොමු කිරීමට ද පාප්තුමෝ බලාපොරොත්තු වෙති.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාප්තුමා ඉන්දුනීසියාවට