IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනතුරින් එකම පවුලේ තුනක් රෝහලේ

( නිශාන්ත කුමාර)

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදී ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලක   සැමියා බිරිය සහ ලේලිය බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල කරදගහමඩ  අලුත්කෑල්ල පදිංචි   අවුරුදු 73, 67 හා  සහ 43   වයස්වල පසුවන එකම පවුලක  සාමාජිකයින් පිරිසකි.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී ගොස් ඉදිරිපස රෝදය ගැලවීමත් සමගම රියදුරු පාලනයෙන් ගිලිහී ගිය ත්‍රී රෝදරථය  ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ත්‍රී රෝද රථය බස් රථයේ ගැටීමත් සමඟම එහි සිටි වයෝවෘද්ධ කාන්තාවගේ අතක් සහ පාදයක් බිඳි ගොස් ඇති අතර සෙසු දෙදෙනාටද අනතුරින් තුවාල සිදුව ඇත.

 



අදහස් (0)

අනතුරින් එකම පවුලේ තුනක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site