ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇතැයි හමාස් සංවිධානය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනතුරු අඟවයි.
හමාස් සංවිධානය මෙම අනතුරු ඇඟවීම කළේ හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට දිගටම මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.
‘හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව පවසමින්, හමුදා මෙහෙයුම් හරහා හමාස් සංවිධානය අඩපණ කිරීමට උත්සාහ ගනිමින්, ප්‍රාණඇපකරුවන් බේරා ගැනීමට නෙදන්යාහු උත්සාහ ගන්නවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දිගින් දිගටමස ඊශ්‍රායලය හමුදා මෙහෙයුම් සිදු කළොත්, ඉතිරි ප්‍රාණඇපකරුවන්ට ඔවුන්ගේ පවුල් වෙත ආපසු යන්න සිදුවන්නේ මිනී පෙට්ටියෙන්’ යැයි හමාස් සංවිධානයේ, කසාම් බලඇණියේ අණ දෙන නිලධාරී, අබු ඔබෙයිඩා අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දිගටම පහර දෙනවා නම් ප්‍රාණඇපකරුවන් මියයාවි