IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මිනියක් රැගෙන ගැමියෝ පාරට

( රොමේෂ් මධුෂංක)

වව්නියාව මහකච්චිකොඩිය ප්‍රදේශයේදී ගෙවී ගිය සතියක කාලය තුලදී වනඅලි පහරදීම හේතුවෙන් මරණ දෙකක් සිදුවීම හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා මහකච්චකොඩිය ගම්වාසීන් විරෝධතාවක නිරත වූහ.

වන අලි පහරදීමෙන් මිය ගිය කාන්තාවගේ සිරුරද ඊයේ (02) සවස අවසන් කටයුතු සිදුකිරීමට පෙර මාර්ගයේ තබා මහකච්චකොඩිය ප්‍රධන මාාර්ගය අවහිර කරමින් ගම්වාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූ ගම්වාසීණ් වැඩිදුරටත් පවසා සිටියේ,

‘ගෙවුනු සතිය තුලදී මහකච්චකොඩිය පිරප්පම්මඩුව ප්‍රදේශයේදී සහ සැලලිහිණිගම ප්‍රදේශයේදී වනඅලි පහරදීමෙන් මරණ දෙකක් සිදුවුනද වනජීවි නිලධාරීන් හෝ රජයේ බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක ගොන නොමැති අතරම ගම්වාසීණ් ඉතා බියෙන් දහවල් කාලයේදී මාර්ගයන්හි ගමන් කිරීමෙන් වැලකී සිටින බවටය.

එමෙන්ම අසල රක්ෂිතයට දිවයිනේ වෙනත් ප්‍රදේශයන්හි සිට වනඅලින් රැගෙනවිත් මුදාහැරීම නිසා මේ වන විට වනඅලි ගහනය වැඩි වී ගම්වදින බවටත් වහාම ගම්මානයන් ආවරණය වන පරිදි අලි වැටක් ලබා දීමට හෝ වනඅලින් පලව හැරීමට පියවරක් ගත යුතු බවට ගම්වාසීන් වැඩිදුරටත් පැවසූහ.

පොලීසිය මැදිහත්වී මෙයට විසදුමක් ලබා දීමට කටයුතුකරන බව පැවසීමත් සමඟ ඔවුහු විරෝධතාව නවතා දැමීය.



අදහස් (1)

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මිනියක් රැගෙන ගැමියෝ පාරට

SAM Tuesday, 03 September 2024 11:28 AM

වන අලි ගැටලුවට මාලිමාව ලබාදෙනා වූ විසඳුම් මොනවාද යන්න පැහැදිලි කළ යුතුවේ වන අලි ගැටලුවට මුහුණ දෙන්නාවූ ප්‍රදේශවල ප්‍රතිපත්ති ප්‍රකාශන රැගෙන ඡන්දය ඉල්ලා නිවෙස් වෙත දේශපාලන පක්ෂවලින් විමසිය යුතු කාරණයකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site