
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ විසින් මිලදී ගනු ලැබූ බව කියන ගුවන් යානයක්, තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් පියවර ගෙන ඇත.
‘ෆෝල්කන් 900 ඊ එක්ස්’ වර්ගයේ මෙම ගුවන් යානය, ඇමෙරිකන් බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇත්තේ ඩොමිනිකන් ජනරජයේදීය.
ගුවන් යානයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 13 ක් යැයි පැවැසෙයි. ගුවන් යානය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට රැගෙන ගොස් ඇත.
ඇමෙරිකාව, ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවටත්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට විවිධාකාරයේ චෝදනා යටතේ සම්බාධක පනවා ඇත.
ගුවන් යානය තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් කටයුතු කළේ එම සම්මාධක උල්ලංගනය කළේ යැයි චෝදනා නගමිනි.
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පසුගිය ජූලි මාසයේදී පැවැත්වුණු අතර එයින් ද විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මදුරෝ සමත් විය.
එම ජනාධිපතිවරණය ද දූෂිත යැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව පවසන්නේ දැඩි මර්දනයට ලක්වුණු වෙනිසියුලා විපක්ෂය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවය.
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මදුරෝගේ ගුවන් යානය උස්සලා
ජයනාත් Tuesday, 03 September 2024 06:30 AM
ඇමරිකන් ගැත්තන් මේවට මොකද කියන්නේ . එයාල හිතාගෙන ඉන්නෙ ලෝකයේ සියලු දෙනා ජීවත් වෙන්න ඕන එයාලට ඕන විදියට කියලා . මේ ක්‍රමය නැති කරන්න බල තුලනයක් සඳහා සෝවියට් කඳවුර ශක්තිමත් විය යුතුය .
Asith Tuesday, 03 September 2024 08:34 AM
වෙනිසියුලාව තමයි ලෝකෙ වැඩිම තෙල් සංචිත තියෙන රට. සෞදි අරාබියටත් වඩා තෙල් තියෙනවා. ඒක නිසා වෙනිසියුලාවටත් ලඟදීම "ප්‍රජාතන්ත්‍රවාදය" ලැබීමට නියමිතයි.