
(අංජුල මහික වීරරත්න)
මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇත.
එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එකී නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාරාත්මක සාර්‌ථක ලංසුකරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ තැන් 20ක සූර්ය බලාගාර හදයි
Lakmal - katunayaka Tuesday, 03 September 2024 12:41 PM
විනිවිද භාවයකින් කලොත් ලංකාව වගේ ගර්ම කලාපීය රටකට අතිශය වැදගත් ව්‍යාපෘතියක් .දේශපාලන මතවාද පසෙකලා ජාතික ප්‍රතිපත්තියක් අනුව සංවර්ධන වැඩ කටයුතු සිදුවිය යුතුයි
Nuwan Tuesday, 03 September 2024 10:11 PM
ඇත්ත .... අවුරුද්ද පුරාවටම උදේ හයට ඉර පායලා හවස හයට ඉර බැහැලා යන රටවල් තියෙන්නේ ටිකයි....
prabash Tuesday, 03 September 2024 04:42 PM
ගොඩක්ම තියෙන්නේ සුදුසු පළාත් නෙවෙයි... පළමුව හොඳින් සූර්ය ආලෝකය වැටෙන පළාත් තෝරාගෙන සිටින්න. හැමදාම වැසි සහිත පළාත් ගොඩක් මේ ලැයිස්තුවේ තියෙනවා.