
(කීර්ති ප්‍රනාන්දු)
හිස කෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපනයන් හේතුවෙන් කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබඳු මහත්මිය අද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කළේය.
ඊට අමතරව රූපලාවන්‍යාගාරයේ භාවිතා කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නියෝග කෙරිණ.
සාදයකට සහභාගි වීම සඳහා සිය හිසකෙස් සකසා ගැනීමට ඉකුත් (30) වැනිදා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ තිස්පස් හැවිරිදි කාන්තාවකගේ හිසට ආලේපන ගැල්වීමෙන් පසු කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්ය තුමිය මෙම නියෝගය කළාය.
අදාළ සිදුවීමෙන් පසු එම රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය එහි හිමිකාර කාන්තාව සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා සිය රූපලාවණ්‍යාගාරය වසා දමා පලා ගොස් ඇති බවත් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ඔවුන් නිවෙස් වලින්ද පලා ගොස් සැඟවී සිටින බවට පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්තරා ලංගම බසයක ගැහැනු ඔච්චර ලස්සන නම් ඇයි මෙතරම් බියුටි සැලුන් කියලා ලියා තිබුනා කොහොම වුනත් ස්වාභාවික ආහාර වලින් හා දේශීය ඖෂධ වර්ග ස්නානය කිරීමෙනුත් රූපය ලස්සන වෙනවා කියලා නොදන්නා කමට සැලුන් වලට ගොස් සුලු කාලයක් වෙනුවෙන් දහස් ගණනක් වියදම් කර සමහර වෙලාවට මරණයට පවා ලක්වෙලා තියෙනවා
අදාළ කාන්තාවගේ මුහුණු නොපෙනෙන ලෙස රූප පල කිරීම අගය කළ යුතුයි.
ලේසිම ව්‍යාපාරය තමයි මේ. සෞඛ්‍ය අධ්‍යාපනයක් නෑ. ආලේපන ගැන කිසිම සහතිකයක් අවශ්‍ය නෑ. අපේ කාන්තාවන් දැන් හැම එකකටම රෑපලාවන්‍ය. ඒක නිකම් හස් රැල්ලක්. නියපොතු සුද්ධ කරගන්නෙත් ඒවාගෙන. මේ විකාර තව තව වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑ.
හොඳම වැඩේ ගෙදර ඉදන් තමන්ගේ කොන්ඩේ පිරගන්නවත් බැරිව ඕවා අස්සේ යන අයට පාඩමක් හොඳ පාඩමක්......
මෙය සියලුම කාන්තාවන්ට ඉතා හොඳ පාඩමකි. ස්වභාවික වීමට උත්සාහ කරන්න. මේ දිනවල එය ශ්‍රී ලංකාවේ ඉතා විශාල විලාසිතා සහ ව්‍යාපාරයක් අන් අය අනුගමනය කරයි. සම සුදු කිරීමේ ක්‍රීම්, කොන්ද ස්ට්‍රේට් ගැන කිසිම දැනුමක් නැතිව ඔවුන් මිලදී ගෙන පාවිච්චි කරනවා. එදිනෙදා ගෙදර වියදම් කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට මුදල් නැත. නමුත් මේ වගේ නිස්සාර දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ රූපලාවන්‍යාගාර කල් ඉකුත්වන නිෂ්පාදන භාවිතා කරයි. විශේෂයෙන්ම හිසකෙස් ස්ට්‍රේට් කිරීම සහ සුදු කිරීමේ ක්‍රීම්