IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අරගලකරුවෝ හසීනා ආපසු ඉල්ලන්න සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඉන්දීය රජය සතු බවත් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස අන්තර්වාර රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබෙන බවත් එරට විදේශ කටයුතු උපදේශක එම්.ඩී තවුහිද් හොසේන් මහතා ප්‍රකාශ කළේය.

අධිකරණය නියෝගයක් ලබා දුනහොත් ෂෙයික් හසීනා නැවත බංග්ලාදේශයට ගෙන්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට අන්තර්වාර රජය සූදානම් බවද ඔහු පැවැසුවේය. ෂෙයික් හසීනා බංග්ලාදේශයට ගෙන එමින් නීතිය ඉදිරියට පමුණුවීම සඳහා හැකි සෑම දෙයක්ම කරන බවද හොසේන් මහතා එහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුමක් තිබෙන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු බවත් විදේශ කටයුතු උපදේශකවරයා පැවැසුවේය.

බංග්ලාදේශ අරගලයෙන් පසුව රටේ වත්මන් තත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. කෙසේ නමුත් බංග්ලාදේශයේ අරගලය ඉන්දීය මාධ්‍ය අතිශයෝක්තියකින් වාර්තා කළ බවත් බටහිර මාධ්‍ය එවැනි ක්‍රමයක් අනුගමනය නොකළ බවත් ඔහු පැවැසුවේය.



අදහස් (4)

අරගලකරුවෝ හසීනා ආපසු ඉල්ලන්න සූදානම්

සුධීර Wednesday, 04 September 2024 10:10 AM

හසීනා ගොඩ ගත් රට අරගලකරුවෝ විනාශ කළා. අවසානයේ සිදුවන්නේ ඉස්ලාමීය අන්තවාදය රජවීමයි.

:       9       56

මොහමඩ්Wednesday, 04 September 2024 05:23 PM

මාත් අනුමත කරනවා ඔබේ අදහස...!

:       6       31

බණ්ඩාර Wednesday, 04 September 2024 09:54 PM

NGO බුරියානි බංගලි අරගල කාරයොත් කෑවා එහෙනම්. අපේ රටේ අය කෑවා නම් බංගලි අරගලකාරයෝ ගැන කවර කතාද?

:       7       23

Anura Friday, 13 September 2024 09:26 AM

ඔබත් බංගලි DNA පරීක්ෂාවෙන් ඔප්පු වෙලා තියෙනවා 60% පමණ කන්න බොන්න නැතිව ඉන්ධන නැතිව රැකියා අහිමි වෙනකොට ජනතාව පාරට බැස්සා. හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද හිටියේ...? ළඟදී ගමේ ගියේ නැතෙයි...

:       12       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site