IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්‍රාණඇපකරුවන් මියයෑම: නෙදන්යාහු සමාව ඉල්ලයි

හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ ගැන තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මෙසේ තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේ, හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන්, ඊශ්‍රායල වැසියන්ගෙන් නෙදන්යාහුට දොස් අසන්න වීමත් සමඟය.

හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නැයි ඊශ්‍රායල වැසියෝ දිගින් දිගටම නෙදන්යාහුට බල කරති.

පසුගිය දින කීපයේ ඊශ්‍රායලයේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පැවැත්විණි. ඒ, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිරුපද්‍රිතව මුදා ගන්නැයි බල කරමිනි. ඊශ්‍රායල වෘත්තීය සංගම් එක් වී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ද ආරම්භ කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි නෙදන්යාහු ඉල්ලීමක් කළත්, හමාස් සංවිධානය සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වා ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා බව නෙදන්යාහු පවසා නැත. 

මේ අතර, හමාස් සංවිධානයට එරෙහි සටනේ දී ඊශ්‍රායලට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා පවසා ඇත්තේ, හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නෙදන්යාහු නිසි ක්‍රියා මාර්ග අනුගමනය කර නැති බවය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ප්‍රාණඇපකරුවන් මියයෑම: නෙදන්යාහු සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site