(අංජුල මහික වීරරත්න)
ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර වන සම්මුතිය අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර ආදායම් මත සහ ප්‍රාග්ධනය මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැලැක්වීම සඳහා වන සම්මුතිය කෙටුම්පත් කර, දෙරට බදු අධිකාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිලධාරි මට්ටමින් අත්සන් කරනු ලැබ ඇත.
එම සම්මුතියට අනුව ශ්‍රී ලංකාව මෑතදී එළඹෙන ලද - ද්විත්ව බදු වැළැක්වීමේ සම්මුතිවලට අනුකූලව, පොලී සහ රාජ්‍ය භාග සඳහා දළ මුදල් ප්‍රමාණයෙන් 10% නොවැඩි අනුප්‍රමාණයකින් බදු අය කරනු ලැබේ.
එකී සම්මුතිය සඳහා රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමටත්, අත්සන් කරනු ලබන සම්මුතිය සහ සන්ධාන පත්‍රය 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව - ඔස්ට්‍රියාව බදු ගැන ගිවිසුමකට අත්සන් කරන්න යයි