
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය වසර තුනකට අහෝසි වන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.
එලෙස ප්‍රජා අයිතිය අහෝසි කෙරුණු අවස්ථා ඉතිහාසය පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
එමෙන්ම ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමටද ප්‍රතිපාදන ඇති බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර ජනාධිපති අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් විස්තරය මැතිවරණයෙන් පසු පුවත්පත් දැන්වීම් වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.
වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නීතියෙන් අවසර හිමිවන බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.
මේ අතර සෑම මැතිවරණයක් අවසානයේදී දින තිස් එකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවද කොමිශන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
අපේක්ෂකයන්ගේ වියදම් විස්තරය දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතුවේ.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු වාර්තා දෙන ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිතිය වසර 3ක් අහෝසියි
sam Wednesday, 04 September 2024 05:33 AM
ඉතින් අර පොඩි මයිනා ඉදිරිපත් කරලා තියන වත්කම් බැරකම් වැරදියි කියලා දැනටමත් පැමිණිලි කරලා නේ තියෙන්නේ .උන්ගේ අප්පා ජාතික ධනය හොරාකාපුවා මයිනා පැටියා වියදම් කරනවා