
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය මෙසේ සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.
බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේදී ඩයනා කුමරිය බව පවසමින් ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් මතක් කිරීමට පටන් ගත් බව ඔහුගේ පියා වන ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
බිලීගේ වයසේ පසුවන දරුවකු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැති ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් සහ මතකයන් පිළිබඳ ඔහුට දැනීමක් තිබෙන බවද ඩේවිඩ් පැවැසුවේය.
බිලී ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත් බොහෝ දෙනා ඉන් පුදුමයට පත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
බිලී කැම්බල් ඩයනා කුමරියට ජීවිතය අහිමිවූ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මෙන්ම බැල්මොරල් මාළිගාව පිළිබඳව තොරතුරුද හොඳින් දන්නා බවත් තමා සහ බිරිඳ ඉන් කම්පනයට පත්වූ බවත් ඩේවිඩ් කැම්බල් පැවැසුවේය.
බිලී බැල්මොරල් මාළිගාව ඇවිද යන ආකාරය හොඳින් විස්තර කරන බවද ඔහු පෙන්වා දුන්නේය. ඩයනා කුමරියගේ ඡායාරූපය පෙන්වූ විට ඒ මම යැයි බිලී පවසන බවත් වයස අවුරුදු තුනේදී බිලි හැරී සහ විලියම්ට මාගේ කොල්ලෝ දෙන්නා යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගත් බවත් ඩේවිඩ් ප්‍රකාශ කළේය.
ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ අතර ඇය විලියම් සහ හැරීගේ මවද වූවාය. ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා පැරිසියේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මරණයට පත්විය.
ඩේවිඩ් කැම්බල් සිය පුත්‍රයාගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව ප්‍රථමවරට 2019 වසරේදී මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශයක් කර ඇති අතර බිලී සැබැවින්ම ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය යැයි විශ්වාස කරන පිරිසක් මෙන්ම රංගන ශිල්පියාගේ පුත්‍රයාද රංගන ශිල්පියකු බව පවසමින් විවේචන එල්ල කරන පිරිසක්ද සිටී. කෙසේ නමුත් අට හැවිරිදි බිලී ප්‍රකාශ කරන විස්තර සම්බන්ධයෙන් බොහෝ දෙනා කුතුහලයෙන් පසුවන අතර උනන්දුවක්ද දක්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාහිත්‍ය සම්මාන ලැබියයුතු ඉතා වටිනා ප්‍රබන්ධයක්.
නිරාගමික අප්පුහාමිලාටත් දැන් බය නැතුව පුනරුත්පත්තිය විස්වාස කරන්න පුළුවන්. මොකද සුදු හම ඇති අයෙක්, ඔස්ට්‍රේලියාව වගේ අපේ බොහෝ දෙනෙකුගේ සිහින දේශයේ දරුවෙක් ඒ ගැන කතා කරන නිසා.
සියුම් විදියට හොයා බැලුවොත් සත්‍ය වැටහේවි, කුඩා ළමුන්ගේ මොළය මතකයෙන් හිස්,දරුවාට ගෝචර දෙය පුරවගන්නව, මේ කතාව කවුරුහරි කියන්න ඇති නැත්නම් නරඹන්න ඇති, පසුව වැඩිහිටියන් දිගින් දිගට එකම අහනකොට ළමයාගේ අත්දැකීමක් වගේ කියනව, වැඩිහිටියන් එකතුකරනව තමන් දන්න කෑලි අන්තිමට පුතිිපලය ඩයන නැවත ඉපදීම. මේ පුනරුප්පත්තිය කියන ජාන ගත.බොරුව අපේ රටට නම් සාපයක්.
යුද්ධය දවස්වල මෙහෙත් සෑහෙන්න සටනෙදි මළ සෙබලුන් නැවත ඉපදුන , දැන් ඒ කතා නැහැනේද, එදත් උනේ ටී වී බලල ළමුන් එකතුකරගත් කෑලි තමන්ගෙ අත්දැකීමක් වගේ කියන එක. අපේ සමාජයෙ මුල් බැසගත් මිත්‍යාව අනුව ඒකට පොහොර වැටෙනව.
සත්‍යය බුද්ධියෙන් විමසමු...
මෙය සත්‍ය සිද්ධියක් විය හැකියි. අද බොහෝ දෙනෙක් පුනර්භවය පිළි නොගන්නේ එය "විද්‍යාත්මකව" ඔප්පු කළ නොහැකි නිසයි. මෙහිදී සිහි තබාගත යුතු දේ නම්, පදාර්ථයේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන නවීන විද්‍යාව සහ බුදුදහම යනු එකිනෙකට වෙනස් විෂය පථ දෙකක් වන අතර, ඒවාට එකිනෙකින් අනෙක ඔප්පු කළ නොහැකි බව...!
නොදැනුවත්කම, නොපිළි ගැනීමට හේතුවිය හැකි නමුදු උජාරුවෙන් ප්‍රතික්ෂේප කිරීමට තරම් වූ ආශ්චර්යක් නොවේ.
ඩයනා දිව්‍ය ලෝකයට ගිහිල්ලා නෑ වගේ...
ප්‍රංශ ජාතිකයින් 58%ක් පුනර්භවය පිළිගන්නවා, ඇමෙරිකාවේ 48% පිළිගන්නවා, යුරෝපයේ සෑම රටකම විශාල වශයෙන් පිළිගන්නවා...!
මේ ගැන මට අවබෝධයක් නැහැ, ගැටලුව ඩයනා නැති වුනේ 1997 දී, අතර මැද කාලය කුමක් වන්න ඇත්ද? දන්නා අයෙක්ට පැහැදිලි කරන්න පුළුවන්ද?
මේ කතාව විශ්වාස කරන්න අමාරුයි.