
( ෂේන් සෙනෙවිරත්න )
විවිධ ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයන් පිරිසක් මහනුවර තරු හෝටලයක දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ .
මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථාවේදී ව්‍යාපාරිකයන් 25 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ පැවැත්වීම වරදක් බව එම දේශපාලන නියෝජිතයින්ට සහ හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන තිබේ .
පැමිණි පිරිසට දිවා ආහාරය බුෆේ ක්‍රමයට සූදානම් කොට තිබී ඇති අතර හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිස් සහ විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගැනීමට සිටි බැවින් ආහාර වලට සීල් තැබීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන නොතිබුණි .
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවා ආහාර සංග්‍රහයකට මැකෝ හරස්වෙයි
chandima Tuesday, 03 September 2024 08:28 PM
මැකෝ මහත්තයෝ කෑම දෙද්දී විතරද විරුද්ධ වෙන්නේ . වැටුප් වැඩි කරද්දී නැතිද ?
Ramyaa Wednesday, 04 September 2024 04:44 AM
බුදුහාමුදුරුවෝ දේශනාකලේ සබ්බේ සත්ථා ආහාරට්ඨිථිකා කියලා තමයි. කොමිසමේ අයට කෑමක් බීමක් පෙන්නන්නම බැහැනේ .මේවා එක්තරා කොටසකට පමණක් තහනම් වීම තමයි වැරැද්ද