
(අමිල සම්පත් ශ්‍රී )
යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බට් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා අද(03) නියම කළේය.
මෙලෙස දඩ මුදල නියම වූයේ වයස අවුරුදු පනස් අටක් වන පෙරාරි ලුයිිගි හා වයස අවුරුදු 28ක් වන පෙරාරි මාටියා යන ඉතාලි ජාතික පිය පුතු යුවළක් හටයි.
මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණයේ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදලද බව තිස්සමහාරාම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
මේ මස 29 වන දින දඩ මුදල ගෙවන ලෙසට නියෝග කළේය.දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයින් දෙපලට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාන සොරකමේ ගිය ඉතාලි ජාතික පිය-පුතුට කෝටි 6ක දඩයක්