ජීවන වියදම පහළ දමන්නැයි පන්දම් විරෝධයක් ජීවන වියදම පහත දමන ලෙස ඉල්ලා ජාතික ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අනුරාධපුර,ශ්‍රාවස්තිපුර හන්දියේදි පැවැත්වුණි. 30 January 2024
මත් කරල් සමඟ අයෙක් අල්ලයි මන්නාරම සාවුත් භාර ප්‍රදේශයේදී මත්කරල් 31 390 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි. 30 January 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි. 30 January 2024
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 January 2024
බදු පොලු තැබූ මත්පැන් සමාගම් 9 ට වැඩ වරදී සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. 30 January 2024
ලෙඩුන් සූරා කෑ පෞද්ගලික රෝහලට දඩයක් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කළාය. 29 January 2024
පියාගේ පොලිස් පට්ටම විකුණන්න ගිය දුව අත්අඩංගුවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසා ගන්දර පොලීසියේ සැරයන්වරියකට පහර දී අසභ්‍ය වචනයයන් බණවැදී කලහකාරීව හැසිරුණු බව කියන 31හැවිරිදි තරුණියක සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. 29 January 2024
සෆාරි ජීප් ගාස්තුත් ඉහළ දමයි යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා අද (29) පැවසීය. 29 January 2024
චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව සංධානයක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 January 2024
කෝටි 1500ක අපනයන ආදායමක් මෙරට පසුගිය වසරේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 1500 කට (බිලියන 14.94) ආසන්න බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය. 29 January 2024
ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා අද (29) නිරුපද්‍රිතව බේරාගෙන සීෂල්ස් රාජ්‍යෙය් වික්ටෝරියා නගරයට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වී.ජී. වික්‍රමසූරිය මහතා පැවැසීය. 29 January 2024
උරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පු උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 29 January 2024
ජනරාල් දයා රත්නායක සජබට ජනරාල් දයා රත්නායක මහතා කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේදී අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. 29 January 2024
කණුවක් වැටී සිසුවා මරුට දොඹගහවෙල මහරාවේ නිවසක වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටී දස හැවිරිදි පාසල් දරුවකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 29 January 2024
ශත 18ක් හිඟ වෙලා විදුලියත් කපලා විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. 29 January 2024
නිදහස් සැමරුමට රථවාහන සැලැස්මක් 76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පුහුණුවීම් සදහා කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසිය. 29 January 2024
මරණයේදී ප්‍රීති වන දේශපාලන සංස්කෘතියක්? බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගන්නට දේශනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (29) පැවසීය. 29 January 2024
මහින්දට - තිලංගට තනතුරින් යන්නැයි මෛත්‍රී කියයි මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 29 January 2024
විශ්ව බුද්ධි පෙර ඇප මත මුදා හරී රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් පැවිදිව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරී රොෂාන් රණසිංහට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරු පෙර ඇප මත මුදා හැරීමට අද (29) නියෝග කළේය. 29 January 2024
නවක වද සිද්ධියේ සිසුන්ට ඇප සබරගමු ව්ශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් හය දෙනකු සහ සිසුවියක රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්දිගෝ මහත්මිය නියෝග කළාය. 29 January 2024
ජගත් මනුවර්ණනට ජගත් සම්මානයක් 22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය. 29 January 2024
නිවාඩුවේ නිවාඩු නොගත් පාසලක් පාසල් නිවාඩු කාලයෙත් නිවාඩුවක් නොගෙන සිසු දරුවන්ට නොමිලේ අකුරු කරන පාසලක ගුරුභවතුන් පිරිසක් සම්බන්ධ තොරතුරු පදවියෙන් වාර්තාවේ. 29 January 2024
කොළඹ සරසවියෙන් වයසට යාම පමා කරන ස්වාභාවික ඖෂධයක් වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි. 29 January 2024
විදුලි සේවක මර්දනයට එරෙහිව වෘත්තිය සමිති එකතුවක් ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමට සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (29) ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීය. 29 January 2024
රුපියලට යළි වටිනාකමක් එයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312ක් සහ විකුණුම් මිල රුපියල් 322 ලෙස අද (29) දැක්වේ. 29 January 2024
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. 29 January 2024
ලබන වසරේ සිට දේපලවලටත් බද්දක් නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 29 January 2024
පාසල් පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි පාසල් දරුවන්ට රජය ප්රදානය කළ පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නි නිලධාරියෙක් පැවසීය. 29 January 2024
රාජ්‍ය අංශයේ විධායක නිලධාරීහු ලෙඩ වෙති රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත සිටීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා ඇති වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 29 January 2024
ශිල්ප සභාවේ තඹ කිලෝ 2000ක් අතුරුදන් ජාතික ශිල්ප සභාව විවිධ නිර්මාණ සඳහා මිලදී ගෙන තිබූ තඹ කිලෝ 6820ක තොගයෙන් කිලෝ 2086 ක් අතුරුදන්ව ඇතැයි විමර්ශන වාර්තා අනුව නිරීක්ෂණය වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 29 January 2024
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026