IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව ත්‍රි.මලේ වරායට

(අමදෝරු අමරජීව )

ගාල්ල මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන  ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි .

ලිබියාවේ සිට බංගලාදේශය දක්වා පොහොර තොගයක් රැගෙන යමින් තිබූ  "COMMANDER-K" නැමැති මෙම නෞකාව  ඉන්ධන ලබා ගැනීමට ත්‍රිකුණාමල වරායට පැමිණි අවස්ථාවේ ගාල්ල වරාය මගින් ලබා දුන් පණිවිඩයක් මත මෙම රඳවා ගැනීම සිදුකළ බව ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවසීය.

මේ අනුව ගාල්ල වරාය පොලිසිය මගින් ලබා දුන් පණිවිඩයක් මත ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. රණවිර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් රඳවාගෙන ඇති නෞකාවට ගොස් එහි කපිතාන්වරයාගේ ප්‍රකාශයක්  සටහන් කර ගනු ලැබීය .

කපිතාන්වරයා ප්‍රකාශ කරන්නේ ත්‍රිකුණාමල වරායේදී ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන තෙක් තම නෞකාව  ධීවර යාත්‍රාවක ගැටුණු බව නොදන්නා බව  ප්‍රකාශ කර තිබේ .



අදහස් (0)

ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව ත්‍රි.මලේ වරායට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site