
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි
හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කල ද ඒ වන විටත් වාහන තුනම ගිනිගෙන විනාශ වී ඇති බවත් පොලිසිය පවසයි
වෙන්දේසි වත්තක් අසල විශාල ඉඩමක් තුල පිහිටි මෙම ඉඩමට කිසිවෙකුට ඇතුලත් වීමට හැකියාවක් නොමැති බවත් කිසිවෙකු විසින් මෙම වාහන වලට ගිනි තැබුවාද නැතහොත් එක් රථ වාහනයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් රථ වාහන වලටත් ගිනි ඇවිලුනාද යන්න පිළිබදව තවමත් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි
මේ පිලිබදව පාදුක්ක පොලිසිය මගින් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබේම ඇතිවුණා යැයි හැඟෙන විදිහට සැලසුම් කර සිදුකරන ලද ගිනි තැබීමක් විය හැකියි.