(කේ.ආර්.රජමන්ත්‍රී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට අඹගස්දෝව පොලිසිය පවසයි.
ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථානවලින්ද නිළධාරින්ද කැදවා තිබුණි.
එම රැස්විම පැවැත්වෙන අතරතුරදි ඌවපරණගම ප්‍රදේශයේ පදිංචී පාසැල් සිසුවකු හා විශ්ව විද්‍යාල සිසුවකු රැස්ව්ම් ශාලාවට ඇතුළු විමට උත්සහා දැරිමේදි එහි සිට් අඹගස්දෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබේ.
එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබි හමුවිමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.එස් .රත්නායක මහතා පවසයි.
තම දෙමාපියන් එම රැස්විම් ශාලාවේ සිටිම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දිමට මෙසේ රැස්විම් ශලාවට පැමිණි බවට පැවසු බවත් වැලිමඩ පොලිසිය පවසයි.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
funtime Saturday, 07 September 2024 09:28 PM
හානේ ...මහින්ද මහත්තයා ඡන්දේ කරද්දී වගේමයි. කොටි නැගිටින සීන් එකට ළඟින් යන්නේ... (හෙට නිව්ස් එක ; නාමල් මහතා සිසුන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටියි..)
Vipul Saturday, 07 September 2024 10:03 PM
සෙල්ලම් පිස්තෝල වැඩක් නෑ... කොල්ලෝ... ඇත්ත එකක් ගෙනෙල්ලා..!
Nandalal de Silva - France Saturday, 07 September 2024 10:34 PM
සෙල්ලම් පිස්තෝලයකට බය මිනිහෙක්ද රටේ ජනාධිපති වීමට තටමන්නේ? ඇත්ත එකක් වුණා නම් තමයි කුරහන් සාටකේත් බිම හැලි හැලී අප්පච්චි ළඟට දුවගෙන දුවගෙන යන්නේ...!!!
පැරකඅම් Saturday, 07 September 2024 10:59 PM
අහිංසකයින් දෙන්නෙක් බව පැහැදිලියි...!
Prabha Saturday, 07 September 2024 11:00 PM
අපරාදෙ මැණික් මල්ලක් අරන් යන්න තිබුණේ...!
Chandima Saturday, 07 September 2024 11:18 PM
පව්. කොල්ලො මන්ත්‍රී කිට් එකක් ඇඳගෙන උන්නනම් ඇත්ත පිස්තෝලයක් පතුරොම් පුරෝලම ඉනේ ගහගෙන ස්ටේජ් එකටම නගින්න තිබුනා.
sam Sunday, 08 September 2024 12:41 AM
බේබි එක්ක සෙල්ලම් කරන්න ඇවිත් වගේ
Randika Sunday, 08 September 2024 02:25 AM
මේ පාර දිනන නිසා තර්ජන වැඩි ඇති
Dayasena Sunday, 08 September 2024 06:17 AM
දෙමාපියන්ට කීකරු දරුවො කියන්න පුළුවන්. ඒත් ඉතින් විශ්ව විද්‍යාල සිසුවෙක් සෙල්ලම් පිස්තෝලයක් අරගෙන ඇවිල්ලා ඇත්තෙ පොහොට්ටුවෙ සැලසුමක් වෙන්න පුළුවන්. මොකද ජනතාව කැමැත්තක් නැතිම කෙනෙකුට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා මවාපෑමක් කරන්න කරපු දෙයක් කියලා කාටවත් හිතන්නේ නැද්ද.
අමා Sunday, 08 September 2024 06:26 AM
බේබි ජෙප්පො වෙන්න ඇති
Asith Sunday, 08 September 2024 06:47 AM
සිඟිති පාතාලේ. මොවුන් තමයි මළ ගෙදර පෝස්ට් වලටත් අපි නම් මාලිමාවට කිය කියා හැමතැනම වැළලෙන්නේ... ඡන්දෙත් නැතුව ඇති තාම...!
sukitha Sunday, 08 September 2024 04:13 PM
ට්‍රයල් එකක් වෙන්න බැරි නෑ ආරක්ෂාව පරික්ෂා කරන්නත් එක්ක.
Ranjan Monday, 09 September 2024 06:12 AM
නාමල් බබෙක් නිසා සෙල්ලම් කරන්න ගෙනාපු දේ දෙන්න කරුණාකරලා