
(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබු ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10 ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01 ක් සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරැවකු විසින් පාසලට ගෙන එන ලද ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතුරමක් ලග තබාගෙන සිටියදි එම සිසුවාගේ පංති බාර ගුරැවරයා ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැණුවත් කොට තිබුණි.
ඒ අනුව විදුහල්පතිවරයා ගලෙන්බිදුණුවැව පොලිසියට සිදුකළ දැණුම් දිම මත පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂණයේදි මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබුණි.
පොලිසිය විසින් එම දරැවාගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව පමණි.
ඔහුගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන බව පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවාගේ හෝඩුවාවෙන් පතුරම් තොගයක් සොයා ගනී