පාර්ලිමේන්තු අනංගයන්ට ඇප පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කණිෂ්ක සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (30) දින නියෝග කළාය. 30 January 2024
මිනිස් මොළයට චිපයක් බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 30 January 2024
සෞඛ්‍ය සේවකයෝ අදත් පාරේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා දීමනාවක් ලබාගැනීමට ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 30 January 2024
ලෝක ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතියක් බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 30 January 2024
ඇමෙරිකාවේ ආයුධ අලෙවිය වැඩිවෙලා ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. 30 January 2024
ඉම්රාන්ට දස වසරක සිරදඬුවමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළැයි චෝදනා එල්ල වී තිබුණු අතර, දස වසරක සිරදඬුවම් නියම වූයේ විශේෂ අධිකරණයක් හමුවේ එම චෝදනා විභාග කෙරුණු අවස්ථාවේදීය. 30 January 2024
ලෝක ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතියක් බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 30 January 2024
අමුතු ජාතියේ රියදුරු බලපතක් ලැබිලා සැහැල්ලූ වාහන සහ යතුරු පැදි සදහා රියදුරු බලපත්‍රයක් ඉල්ලම් කළ පුද්ගලයකුට පැදවීමට අවසර හිමි වාහන ඛාන්ඩය සඳහන් නොකර තිත් පේළියක් පමණක් ඇත රියදුරු බලපත්‍රයක් මෝටර් රථ දෙපර්තෙමින්තුව මගින් එවා ඇතැයි එප්පාවල යකල්ලේගම පදිංචි ඞී ආර් සුරංග සෙනවිරත්න මහතා පවසයි. 30 January 2024
සජබ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක් සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ කළ විරෝධතාවයට ජාතික පුස්ථකාලය අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 30 January 2024
පොහොට්ටුවේ තීරණය කී පසු ගොඩක් අයගේ තීරණය එළියට ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් නායකයා සමග ඉදිරියට යනවාද? වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? යන කාරණය පොදු ජන පෙරමුණ ප්‍රකාශයට පත්කළ පසු පක්ෂය සමග ඉදිරියට යනවාද? පෞද්ගලික මතයට ඉඩ දෙනවාද? යන්න පොහොට්ටුවේ බොහෝ දෙනෙක් තීරණය කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 30 January 2024
ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2024
නිවාස අධිකාරිය අනුන්ගේ ඉඩම්වල ගෙවල් හැදූ කතාවක් එළියට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිටි සමහර නිලධාරීන් අනුන්ගේ ඉඩම් වල නිවාස හදා ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය. 30 January 2024
සනත්ගේ අඩුව පුරවන්න බිරිය? කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතා සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ සහ දරුවන් ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ එය සිදුවීමටත් නොවීමටත් පුළුවන් බවයි . 30 January 2024
පා ගමනට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් හා දේශපාලන ක්‍රියාකාරීන් පහළොස් දහසකට අධික පිරිසක් සහභාගි වෙනවා යැයි කියන උද්ඝෝෂණයට හා පාගමන වලක්වමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳු වත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. 30 January 2024
වේත්‍රධාරී නරේන්ද්‍ර මැතිසබෙන් සමුගනියි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42 ක පාර්ලිමේන්තු සේවය නිමවා අද (30) විශ්‍රාම ලැබුවේය. 30 January 2024
මැතිසබේ අනංග සිද්ධියට තුනක් අල්ලයි පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 30 January 2024
ආණ්ඩුවේ ආයතන වල ’’හබ’’ විසඳන්න පනතක් රාජ්‍ය ආයතන අතර පැන නැගෙන ආරවුල් විසඳීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
ලංකා -තායිලන්ත ගුවන් ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සහ තායිලන්ත රාජ්‍යය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
සජබ උද්ඝෝෂණයට කොටුවෙනුත් වාරණයක් සමගි ජන බලවේගයේ ‘‘ වෙනසක් හදන වසරක්‘‘ උද්ඝෝෂකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලය,සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුම මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහහතා වරණ නියෝගයක් නිකුත් කළේය. 30 January 2024
හම්බන්තොට වරායේ කළුගල අපනයනය කරයි සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත. 30 January 2024
වරාය නගරයට වෙනසක් කොළඹ වරාය නගර (සංවර්ධන පාලන) නියෝග සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
ඝාතන තැතක් වරදී:කඩු ගිනි අවි සමඟ දෙකක් මාට්ටු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක්, රැගෙන මෝටර් රථයකින් යමින් සිටී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසයි . 30 January 2024
බැංකු පනත සංශෝධනයට 1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
නවක වදය ගැන පැමිණිලි අසූ දෙකක් නවක වද සිද්ධීන් දැනුම් දීම සඳහා ආරම්භ කරන ලද ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි අසූ දෙකක් ලැබී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය 30 January 2024
‘වැට්’ සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 January 2024
‘ටික් ටොක්’ කරන්න ගිහින් රෝහලින් නවතියි ටික් ටොක් සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි 30 January 2024
මහ කන්නයේ වී ගන්න වැඩසටහනට කැබිනට් අනුමැතිය 2023/24 වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
ලංවීමෙන් දැනුම් දීමක් විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 January 2024
කෘෂි විද්‍යා විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක් ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විභාග අපේක්ෂකයන්ට ඒ සඳහා ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 30 January 2024
‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 30 January 2024
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026