පේරාදෙණියට නව උප කුලපතිවරයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පත් කර තිබේ. 19 July 2024
පාස්පෝට් කාර්යාලයේ උණුසුම් තත්වයක් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද (19) සිට නැවත ආරම්භ කිරීමත් සමඟ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය. 19 July 2024
සහල් මිල පහළට? කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25කින් පහළ දැමීමට සාපේක්ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසීය. 19 July 2024
හිගුරක්ගොඩ ගුවන්තොටුපලේ ඉදිකිරීම් අරඹයි ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ආරම්භ කළේ. 19 July 2024
රියදුරුට නින්ද ගිහින් රිය උඩුකුරුව පෙරැළෙයි කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට පොලිස් වසමට අයත් පුස්සැල්ල ප්‍රදේශයේ අද(19) මෝටර් රියක් මාර්ගය හරහා පෙරැළි අනතුරට ලක්විය. 19 July 2024
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 19 July 2024
බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ. 19 July 2024
අපේ කුකුළු මස් වලට චීන දොර ඇරෙයි මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබේ. 19 July 2024
බළලා මාරු කර ගන්න ඇවිත් බලු පැටියයි රන් මාලයයි උස්සලා සුරතලයට ඇති කරන බලු පැටවකු මිලදී ගැනීමට පැමිණි යුවළක් එම නිවෙසේ තිබූ රුපියල් 1,65,000ක් පමණ වටිනා රන් මාලයක් හා රුපියල් 45,000ක් පමණ වටිනා ගෝල්ඩන් රෙඩ් රිවර් වර්ගයේ බලු පැටවකු සොරාගෙන ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය කියයි. 19 July 2024
කතරගම ගිනි පෑගිමේ උත්සවයෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගිමේ උත්සවය අද (19) උදෑසන 04 ට සිදුවිය . 19 July 2024
සුළං -වැසි තවදුරටත් සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 July 2024
කළුකඩකාරයින් සොයා රටම පීරයි ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන වෙළෙඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා ලංකාදීපයට පැවසිය. 19 July 2024
‘‘සභාපති වෙන්න නිමල්ට අයිතියක් නෑ‘‘ අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. 19 July 2024
විශ්ව බලයක් පෙන්වා කුඩු ජාවාරම් කරලා විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් පුද්ගලයන් මුලාවට පත් කොට මත් කුඩු ජාවාරම් කිරීම පිනිස මුදල් සොයා ගැනීමේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු , මත් කුඩු මිලි ග්‍රෑම් 5300 ක් සමග අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 19 July 2024
කතරගම - මාතර ප්‍රධාන මාර්ගය අද සහ හෙට මැදවත්තෙන් හා තලල්ලෙන් වැසේ ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19 ) සහ හෙට (20) දහවල් 12. 00 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දමන බැවින් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි. 19 July 2024
රේගුවේ මහා හොරයක්:සිවු දෙදෙනෙක් ගෙදර රේගු පරීක්ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 19 July 2024
කාංචනමාලාගේ ‘‘පතිනියකවී‘‘ ලෝක සංගීත අවසන් තරඟයකට ශ්‍රී ලාංකේය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන වෛද්‍ය කාන්චනමාලා රණසිංහ ගායනා කළ ‘‘පතිනියක වී’’ ගීතය ‘‘ලෝක මහද්වීපික සංගීත සම්මාන – 2024’’ (World international Music Awards) උළෙලේ ආසියානු සම්භාව්‍ය අංශයෙන් අවසන් වටයට තෝරාගෙන තිබේ. 19 July 2024
රජයේ ඉඩම් අක්කර 56,000ක් පිල්ලි ගිහින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැයි මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 19 July 2024
ඩුබායි කුමරිය දික්කසාද වෙයි ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සිය දික්කසාදය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කළාය. 19 July 2024
‘ඔන් මැක්ස්‘ ලොක්කෙකුගේ කෝටි දෙකක දේපොළ තහනමට රුපියල් කෝටි 500කට අධික මුදල් වංචා කළේ යැයි කියන ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ සැකකාර අධ්යක්ෂවරයකු ගේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් දේපළ තහනමට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය. 18 July 2024
පොලිස්පති තනතුරට එරෙහි නඩුවේ තීන්දුව දෙන්න දිනයක් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සිය ධූරය කටයුතු කිරීම වළකාලන අතුරුනියෝගයන් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව මෙම මස 24 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 18 July 2024
ඉඩම් අවුලට නාවික සෙබළා බිලි මාතලේ මහවෙල මිල්ලවාන ප්‍රදේශයේ ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් නාවික හමුදා සෙබළකු මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය පවසයි. 18 July 2024
අන්තර් ජාලයෙන් කෝටි 5000ක් ඇද්ද චීන්නු 37ක් රිමාන්ඩ් අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කළේ යැයි කියන චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (18) නියෝග කළෙය. 18 July 2024
අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති කඩිනමින් අරඹනවා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය. 18 July 2024
ඇඹිලිපිටිය ස්කෑන් යන්ත්‍රය ලෙඩ වෙලා මාසයක් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සීටී ස්කෑනර් යන්ත්‍රය මාසයකට ආසන්න කාලයක සිට ක්‍රියා විරහිතව ඇති නිසා රත්නපුර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික් වල විශාල රෝගීන් පිරිසක් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි මහජනතාව පවසති. 18 July 2024
22 කල් යයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය. 18 July 2024
නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. 18 July 2024
සුදු මැස්සා රෝගයට පිළියම් කියයි මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies) රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසයි. 18 July 2024
රට ගිහින් එද්දි උස්සල කෝටියක කප්පම් ඉල්ලලා කුවේට් රටේ සේවය කර මෙරටට පැමිණි පුද්ගලයකු නිවස බලා කුලී රථයකින් යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි සිව් දෙනෙකු බරන්දන හන්දියේදී ඔහු පැහැරගෙන ගොස් නාරම්මල ප්‍රදේශයේ පාළු නිවසක සඟවාගෙන සිටියදී විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පවසයි. 18 July 2024
ආර්ථික පනත විවාදය 25 රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළේය. 18 July 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026