IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තලතා රනිල්ගේ වැලිමඩ වේදිකාවට නගී

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරල  මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේදී එම ජනරැළිය පැවැත්විණි.

තලතා අතුකෝරළ මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කරමින් වේදිකාවකට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.



අදහස් (17)

තලතා රනිල්ගේ වැලිමඩ වේදිකාවට නගී

Prabha Sunday, 08 September 2024 04:29 PM

රන්ගෙ දැන්නම් ගෙදර යන්නම වෙනවා.

:       0       3

Janahitha Sunday, 08 September 2024 05:07 PM

හත්වලාමේ වෙච්චි දෙයක්. ඔහෙත් මිද්දෙණියෙද? ළඟදි ගෙදර ගියාද? ජයවේවා..!

:       0       1

Shantha Sunday, 08 September 2024 05:41 PM

මැතිණියනි මාලිමාව අය කියන්නෙ අවුරුදු 76 කරපු කිසිම සංවර්ධනයක් නැහැ කියලා නේ ඉතින් ඔබතුමියවත් 1948 සිට පාලනයේ හිටපු නායකයො කරපුදේ හා එක් එක් කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ උන්දැලා කරපු දේත් කියලා ජනතාව දැනුවත් කරන්න උදාහරණයක් හැටියට එජාප රජයන් විසින් විශ්ව විද්‍යාල කීයක් හැදුවාද රෝහල් මංමාවත් වැව් අමුණු ඇතිකිරීම ගැන කියන්න 1988-89 කාලයේ කරපු විනාශ ගැන කියන්න ඇත්තටම බැලුවොත් මෝඩයින්ට තේරුම් ගන්න බැරි වුනත් රටේ ජල විදුලිය නිෂ්පාදනය කලේ සුද්දගෙ කාලයේ නොවෙයිනේ සළාක ආහාරයෙන් යැපුනු ජනතාව දේශීය සහලින් බත් කන්නෙ කවුරු නිසාද අහන්න 1948 සිට රටේ ඇතිවූ සංවර්ධනය ගැන කියලා නිමකරන්න බැහැ ඒත් මෝඩයෝ ගේන කතාවලට පිලිතුරක් නොදීම තමයි තියෙන ගැටලුව

:       0       4

Dharmatileke Sunday, 08 September 2024 05:53 PM

රත්නපුර ඡන්ද දායකයෝද කිව්වේ වැලිමඩින් පටන්ගන්න කියලා

:       2       0

අරවින්ද මොනරවිල Sunday, 08 September 2024 07:26 PM

අපි නම් දැනගෙන හිටියා... මෙයා කරණමක් ගහන්න සූදානම් වෙලා තමයි ඔය අඩවි ඇල්ලුවේ කියලා...

:       1       0

පොඩිඑකා Sunday, 08 September 2024 08:23 PM

මුන්ට බලය වෙනුවෙන් ඕනම එකෙක්ගෙ ඇදකට නගින්න උනත් විලිලැජ්ජාවක් නැහැ. අර අපවිත්තරා වගේ එවුං...!

:       45       9

ජගත් ලියනගේ Sunday, 08 September 2024 08:59 PM

තලතා කියන්නේ අවලංගු වෙච්ච කාසියක් . එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ දැන් .

:       37       10

Priyantha Dissanayake Sunday, 08 September 2024 11:43 PM

ඔබතුමිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ හැටියටනම් දේශපාලනයෙන් සමුගන්න වගේ. නමුත් මැතිණියනේ කියමනක් තිබෙනවානේ හැංගි හැංගි වෙස්බැන්දාට නටන්න වෙන්නේ එළියේ කියා. සහ ඔබතුමිය දුවන කෝච්චියකටයි බෙල්ල තිබ්බේ. හොඳ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සිටිකෙනෙක්...!

:       32       8

sam Monday, 09 September 2024 06:42 AM

මෙයා තමයි සජිත්වයි රනිල්වයි .කෙටෙව්වේ .කොටවලා කොටවලා UNP එක දෙකට කඩලා සජිත් ලඟට කිට්ටුවෙලා ඉඳලා දැන් රනිල් ලඟට කිට්ටුවෙලා . තලේ ඔයාව දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ .ඔයා අවලංගුයි

:       23       7

Kazi Shajahan Monday, 09 September 2024 06:57 AM

තලතා ලජ්ජා බය නැති කරගෙන රනිල් ,චාමර සම්පත් ලා එක්ක , එකතුවෙලා

:       23       6

Priyantha Dissanayake Monday, 09 September 2024 09:29 AM

මැතිණියනි ඔබ පාර්ලිමේන්තුවෙන් සමුගනිද්දී කළ දීර්ඝ ප්‍රකාශයේ අර්ථය කුමක්ද... එය සත්‍ය නොවේ නේද.. සජිත් මහත්තයා දිනන ඒක වලක්වන්නයි ඕනවෙලා තිබෙන්නේ . නමුත් දැනගන්න ඔබ දුවන කෝච්චියකටයි බෙල්ල තිබ්බේ.

:       24       5

ගමේ එකාලා Monday, 09 September 2024 11:25 AM

දේශපාලුවන් කියන්නේ තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලව් කියලා අමුතුවෙන් කියන්න ඕනේද?

:       3       3

Gunendra Monday, 09 September 2024 11:29 AM

වැදගත් පුරවැසියන්ට සජිත් වැනි හීනමානයෙන් පෙලෙන අයෙක් සමග කටයුතු කළ නොහැකියි....!

:       2       5

Rata Perata Monday, 09 September 2024 11:55 AM

මෙතැන තියෙන්නේ සජිත් හරිද රනිල් හරිද කියන එකට වැඩිය මේ පනින අයගේ තිනෙ විලිලැජ්ජා නැති කම... ඒ අතින් මාලිමාවේ ස්ථාවරය ගැන ආඩම්බර වෙන්න ඕනෑ. එක මැක්කෙක් ගන්නේ නෑනේ...

:       2       1

පිටරැටියා Monday, 09 September 2024 02:58 PM

කිසිම ලැජ්ජාවක් නැති, කිසිම ප්‍රතිපත්තියක් නැති, එහෙට මෙහෙට පනින දේශපාලුවන් ඉන්න එකම රට ලන්කාවයි. ශ්‍රී ලන්කාවයි....

:       1       1

NWS KUMARA Monday, 09 September 2024 04:53 PM

ලැජ්ජාවක් නැති හැටි...

:       0       0

Jayasekara Monday, 09 September 2024 04:54 PM

දෙපැත්තටම බැනලා පොර ටෝක් දාලා... ගැහුවා නේද කරණමක්..? මේ යුගය ඉක්මණින්ම අවසන් කරමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site