IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිටසක්වළ සිරුරු වසං කරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පෘතුවියෙන් සොයාගෙන තිබෙන බවත් ඇමෙරිකානු රජය පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු සියල්ල දන්නා බවත්  ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකු වන ලුවිස් එලිසොන්ඩෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

පිටසක්වළ ජීවීන්ගේ තාක්ෂණය පිළිබඳව අධ්‍යනය කිරීම තමාට බාරව තිබූ බවත් තමන් පෙන්ටගනයේ පිටසක්වළ ජීවින් පිළිබඳ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත් එලිසොන්ඩෝ එහිදී පැවැසුවේය. පෙන්ටගනයේ පියාඹන පිරිසි දඩයමේ ඇතුළාන්තය යන නමින් ලුවිස් එලිසොන්ඩෝ පසුගිය 20 වැනිදා ග්‍රන්ථයක් එළිදැක්වූ අතර ඒ පිළිබඳව පැවැති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඔහු මෙම තොරතුරු හෙළි කර ඇත.

ලොකු පොඩි කවුරුත් හොඳින් දන්නා 1947 වසරේදී නිව් මෙක්සිකෝවේ සිදුවූ රොස්වෙල් සිදුවීමේදී පිටසක්වළ ජීවින් සිවු දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවත් 1950 දශකයේදී සහ 1989 වසරේදීද පිටසක්වළ ජීවීන්ගේ සිරුරු ඇමෙරිකාව රජය සොයාගත් බවත් ලුවිස් එලිසොන්ඩෝ එහිදී පැවැසුවේය. මිනිසුන් තුළ ඇති බව කියන පිටසක්වල තැන්පත් කිරීම්ද ඇමෙරිකානු රජය සොයාගෙන තිබෙන බවත් මිනිසුන්ගෙන් ඉවත් කරන ලද පිටසක්වළ ජීවීන්ගේ ජීව විද්‍යාත්මක සාම්පල, පටක සාම්පලද තමන් දැක ඇති බවත් එලිසොන්ඩෝ ප්‍රකාශ කළේය.

පිටසක්වළ ජීවීන් තමන් ඇතුළු පර්යේෂකයන් කණ්ඩායම පිළිබඳ ඔත්තු බැලීමට උත්සාහ කළ අවස්ථාද තිබෙන බවත් තවමත් පෙන්ටගනයට යෑමට ඒමට හැකියාව තිබෙන බැවින් තමන් පවසනදේ පිළිබඳ සැලකිලිමත් වියයුතු බවත් එලිසොන්ඩෝ එහිදී පැවැසුවේය. ජනතාවට සත්‍ය පැවැසීමේ අදහසින් තමන් මෙම ග්‍රන්ථය එළි දැක්වූ බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (7)

පිටසක්වළ සිරුරු වසං කරලා

Kawya swarnamali Monday, 09 September 2024 02:58 PM

පිටසක්වල ගැන කියන්නේ සක්වල ජීවින් පිළිබඳ සොයාගෙන ඉවරද? පිට ලෝක ජීවින් මිනිස්සු වෙන්න ඕනෑමද? ක්ෂුද්‍ර ජීවින් විශේෂ වෙන්න වුණත් පුළුවන්...

:       3       21

sisira Monday, 09 September 2024 03:51 PM

මෙතුමා පොතක් ලිව්වා. විකුණා ගන්න ඕනේ. ඉතින් ගමරාල දිවියලෝකේ ගියා වගේ කතාවක් ගෙතුවා. මේ ලෝකෙට අවා නම් ඔය කියන විදියට මිනිස් සිරුරට යන්න පුළුවනි නම් අපිට වඩා දියුණු අය වෙන්න ඕනේ. ඉතින් ඔය කීප දෙනෙක් ගැන ඔත්තු බලන්න එයාලා වදවුණා කියලා පිළිගන්න කියලාද අපිට කියන්නේ...? අනික පිටසක්වල ජිවින්ට විවිධ මාන තිබිය හැකියි. අපිට ඔවුන් පෙනෙන්නත් නොපෙනෙන්නත් පුළුවන්...

:       4       29

Hira Monday, 09 September 2024 05:02 PM

මේ කියන දේවල් ඇත්ත නම් සර්ව බලධාරී දෙවියන්ගේ ආගම පට්ට බොරු වෙනවා නේද?

:       2       25

udayaMonday, 09 September 2024 05:35 PM

සියලු ආගම් බොරු තමයි... !

:       35       8

ගැමුණු Tuesday, 10 September 2024 08:25 AM

නූගත් බේබද්දෙක්...

:       0       1

shantha Monday, 09 September 2024 06:10 PM

දිනේෂ්ව සහ බන්ධුල ගුණවර්ධනව දැක්කාම මෙහි ඇත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා...

:       0       1

සෙනෙවිරත්න Tuesday, 10 September 2024 12:21 PM

ප්‍රශ්නය තියෙන්නෙ හැමදාම ඔය සාක්ෂි ඇමරිකාවෙන් පමණක් වීම, මේ වගේ කතා ගොතන්නේ මේ විශ්වයේ දිග පළල නොදන්න අය ළඟම තරුවකට තියෙන දුර ගැන දන්නා නම් මේ වගේ කතා ගෙතන්නේ නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site