IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසියටත් පාට් දමා නව යුවලක දළදා මැදුරේ මංගල ඡායා ගනී

(ෂේන් සෙනෙවිරත්න)

අලුත විවාපත් යුවළක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන්ට අපහාස වන ආකාරයට මංගල ඡායාරූප ගෙන ඇතැයි මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිසියෙන් වාර්තාවේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාවත් නොදැන මෙම  නව යුවළ දළදා මාලිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වේ .

මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී එම ඡායාරූප ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පැවසීය .

 

 



අදහස් (11)

පොලිසියටත් පාට් දමා නව යුවලක දළදා මැදුරේ මංගල ඡායා ගනී

Pradeep Kumara Monday, 09 September 2024 07:50 AM

මාළිගාව වටේ කාර් රේස් පැද්ද මිනිස්සු ඉන්න රටේ ඕවා මොනාද? හැබැයි ඉතිං කවුරුවත් නොදැන ඉහල මාලයටත් ගියා කියන්නේ එතන තියන ආරක්ෂාව ගැන හිතා ගන්න පුළුවන්.

:       1       85

පැරකුම් Monday, 09 September 2024 09:12 AM

වහාම විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පවසයි. ඒත් ඉතින් විමර්ශනයේ ප්‍රතිඵලය දැන්ම කියන්න අපට පුළුවනි.

:       0       55

Shashika519 Monday, 09 September 2024 09:22 AM

ඔන්න රටේ මුදුන් මල්කඩේ ආරක්ෂාව..

:       0       56

පිටරටවැසියා Monday, 09 September 2024 09:39 AM

පොලිසියටත් පාට් දාන බලගතු පාර්ශවයක්ලු... පුළුවන් ශ්‍රී ලංකා ....!!!

:       9       64

pakeer Monday, 09 September 2024 09:41 AM

විදේශ බලවේග අපේ දේවල් විනාශ කරන්නේ ?මුලින්ම අපි හැදිලා ඉන්න ඕනේ . බුදු හාමුදුරුවෝ කවුද කියලා දන්නෙවත් නැති නරුම ජාතියක් අපි . ඒ උනාට බුද්ධාගමේ

:       1       60

ගමේ එකාලා Monday, 09 September 2024 02:49 PM

කවුද දන්නේ නැහැ ඔය කියන බලගතු පාර්ශ්වය. කිසිම සැකයක් නැහැ අනිවාර්යයෙන්ම දූෂිත දේශපාලුවෙක් වෙන්ඩෑ....

:       0       13

JayasekaraMonday, 09 September 2024 04:52 PM

දේශපාලන බලපුළුවන් කාරකම් කෙරූ... ඒ යුගය අවසන් කරමු...!

:       1       9

Nelu Monday, 09 September 2024 05:21 PM

බය නැතුව ලොක්කාගේ නම දාන්න.

:       2       10

Sameera Monday, 09 September 2024 05:53 PM

මොකක්ද මේකෙ ඇති අවුල? තමන්ගේ ජිවිතේ වටිනාම දවසේ තමන් විස්වාස කරන ආගමික ස්ථානයේ ඡායාරූපයක් ගන්න බැරිද? ඇත්තටම අගය කළ යුතුයි...!

:       0       0

වන්නකු Tuesday, 10 September 2024 06:24 AM

අපට ඕන දෙයක් කරන්න" පුළුවන් ශ්‍රී ලංකා"

:       0       0

lelwala Wednesday, 11 September 2024 10:08 PM

මේක ලොකු ප්‍රශ්නයක් නොවේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site