
(ෂේන් සෙනෙවිරත්න)
අලුත විවාපත් යුවළක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන්ට අපහාස වන ආකාරයට මංගල ඡායාරූප ගෙන ඇතැයි මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිසියෙන් වාර්තාවේ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාවත් නොදැන මෙම නව යුවළ දළදා මාලිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වේ .
මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී එම ඡායාරූප ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළිගාව වටේ කාර් රේස් පැද්ද මිනිස්සු ඉන්න රටේ ඕවා මොනාද? හැබැයි ඉතිං කවුරුවත් නොදැන ඉහල මාලයටත් ගියා කියන්නේ එතන තියන ආරක්ෂාව ගැන හිතා ගන්න පුළුවන්.
වහාම විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පවසයි. ඒත් ඉතින් විමර්ශනයේ ප්‍රතිඵලය දැන්ම කියන්න අපට පුළුවනි.
ඔන්න රටේ මුදුන් මල්කඩේ ආරක්ෂාව..
පොලිසියටත් පාට් දාන බලගතු පාර්ශවයක්ලු... පුළුවන් ශ්‍රී ලංකා ....!!!
විදේශ බලවේග අපේ දේවල් විනාශ කරන්නේ ?මුලින්ම අපි හැදිලා ඉන්න ඕනේ . බුදු හාමුදුරුවෝ කවුද කියලා දන්නෙවත් නැති නරුම ජාතියක් අපි . ඒ උනාට බුද්ධාගමේ
කවුද දන්නේ නැහැ ඔය කියන බලගතු පාර්ශ්වය. කිසිම සැකයක් නැහැ අනිවාර්යයෙන්ම දූෂිත දේශපාලුවෙක් වෙන්ඩෑ....
බය නැතුව ලොක්කාගේ නම දාන්න.
මොකක්ද මේකෙ ඇති අවුල? තමන්ගේ ජිවිතේ වටිනාම දවසේ තමන් විස්වාස කරන ආගමික ස්ථානයේ ඡායාරූපයක් ගන්න බැරිද? ඇත්තටම අගය කළ යුතුයි...!
අපට ඕන දෙයක් කරන්න" පුළුවන් ශ්‍රී ලංකා"
මේක ලොකු ප්‍රශ්නයක් නොවේ ?