
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ යුද ශක්තිය හමුවේ යුක්රේන සොල්දාදුවන් අධෛර්යමත්ව හෙම්බත්වී ඇති බවත් යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බොහෝදෙනා යුද්ධයට යාමට ප්‍රතික්ෂේප කරන බවත් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.
බොහෝ යුක්රේන සොල්දාදුවන් රුසියානු හමුදාව අතින් ඝාතනයට ලක්ව ඇති බවත් ඉතිරි සොල්දාදුවන්ගෙන් බෝහෝ පිරිස් යුක්රේන හමුදාව හැරදමා යාමට පටන් ගෙන ඇති බවද සී.එන්.එන් පුවත් සේවය සඳහන් කළේය. එසේම යුක්රේන හමුදාව අලුතින් බඳවා ගන්නා සොල්දාදුවන්ද හමුදාව හැරදමා යාමට උත්සාහ කිරීමත් ඔවුන් ලබාදෙන නියෝගවලට අවනත නොවීමත් බරපතළ ගැටලුවක් වී ඇතැයි එම පුවත් සේවය සඳහන් පැවැසුවේය.
යුක්රේන හමුදාවේ අණදෙන නිලධාරීන් සය දෙනකු මෙම තොරතුරු හෙළිකළ බවත් ඉන් සිව් දෙනකු ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රසිද්ධ කරනවට අකැමැතිවූ බවත් සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කළේය.
අලුතින් හමුදා සේවයට බැඳෙන යුක්රේන සොල්දාදුවන් රුසියාවේ යුද ශක්තිය දුටු වහාම අධෛර්යමත් වී සේවය හැරදමා යාමට උත්සාහ කරන බවත් ඔවුන් යුද්ධයට යෑමට ප්‍රතික්ෂේප කරන බවත් එම අණදෙන නිලධාරීන් ප්‍රකාශ කළ බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දුන්නේය.
මෙම වසරේ පළමු මාස හතරේදී පමණක් යුක්රේන හමුදාව හැර ගිය 19,000 කට එරෙහිව එරට නීතිමය පියවර ගෙන තිබෙන බවද එම පුවත්සේවය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට යුක්‍රේනේ සෙබළු ලක්ෂ 7ක්, රුසියාවේ සෙබළු ලක්ශ 3ක් විතර මේ යුද්ධෙන් මැරිලා ගිහිල්ලා තියෙන්නේ. බයිඩනයයි, බොරිස් ජොන්සනයයි තමයි සෙලෙන්ස්කියට මේ ලණුව ගිල්ලුවේ... සෙලෙන්ස්කියා බටහිර පස්සේ ගියේ නැතුව බුද්ධිමත් තීරණයක් ගත්තා නම් ඔය කොල්ලො ලක්ෂ 10ම තාම ජීවත් වෙනවා. එහෙනම් අර කලාප 2ත් තාම යුක්‍රේන පාලනේ යටතේ තියෙන්නේ...!
ඇමෙරිකානු ලණුව කාපු කොයි රටටත් වුණේ මේක තමයි.
බටහිර ලණු කාලා සෙලෙන්ස්කි රටම විනාශ කෙරුවා.
මෝඩ තොරතුරු, එය යුක්‍රේන රුසියානු යුද්ධයේ ප්‍රතිවිරුද්ධයයි.
දැන්වත් තමන්ගේ තරමට ඉදිමියන් යුක්රේන් ජනාධිපතියෝ.... රටම නන්නත්තාර කළ මේ යකා
පව් බන් අපරාදෙ කොල්ලො ටික. හොද හැකියාවක් තියෙන උන් නැතිවෙන්නෙ.අන්තිමට උන්ගෙ රටෙ ඉතිරි වෙන්නෙ අර lgbtq පො**යො ටික තමයි..