
(ප්‍රසාද් රුක්මල් සහ වියලුව වාර්තාකරු)
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (9) අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් සදහා මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු විවෘත කල බව පවසන දීප්ත ජයසේකර මහතා ජනතාවට කල්පනාකාරීව සිටින ලෙසට දැනුම් දෙයි.
නමුත් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව හරහා ගමන් කිරීමට මින් බලපෑමක් ඇති නොවන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩත්තු ගැන වෙනත් පාර්ශවයකින් අධීක්ෂණය කළ යුතුයි . නැත්නම් තව මාසයකින් කියනවා ජලය නෑ. ඒ නිසා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගන්න ඕන කියලා