
( සිතුම් චතුරංග)
ස්වාධීන ජනපති අපේක්ෂකයකුගේ ජන්ද සළකුණ යතුරු පැදියක බැඳ ප්‍රචාරය කරමින් නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
යතුරු පැදි පොළපාලියක් සමඟින් නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ පිළිබඳ ලැබුණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ අනුග්‍රහය මත මෙම යතුරු පැදි පෙළපාලිය සහ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණය සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.
සැකකරුවන් ස්වාධීන ජනාධිපති අපේක්ෂයෙකුගේ ජන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින්, නීති විරෝධි අයුරින් යතුරුපැදි පෙළපාලියක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා කාරයන් තම චන්ද සලකුණ ප්‍රදර්ශනය කරමින් පෙළපාලියක මෙන් ගෙවල්වලට චන්ද හිඟමනේ පැමිණීම, ස්ටිකර් ගසා රට පුරා කරක් ගැසීම නොපෙනෙන, අනෙක් අපේක්ෂයන්ගේ වැරදි පමණක් පෙනෙන අරුම පුදුම මැතිවරණ කොමිසමක් දැක ගැනීමට නම් ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ ක්‍රියාත්මක වීම නිරීක්ෂණ කරන්න.