
(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පලුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2019 ජනාධිපතිවරණයේ පසුබෑමෙන් පසුව දෙආකාරයක ආඥාදායක පාලන ක්‍රමවේදයකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට කටයුතු කළ බවත් ඔහු කීවේය.
කොළඹදී පැවති නීතිඥ සමුළුව අමතමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
රට තුළ ඒකාධිපතීත්වය වපුරා, ජාතිවාදය ජාතිභේදය ආගම්වාදය රාජ්‍ය න්‍යාය පත්‍රයේ ඉහළම තලයට ගෙනවිත් රට විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ත්‍රිපාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය වන ව්‍යවස්ථාදායක විධායකය සහ අධිකරණයේ සංවරණ හා තුලන මෙන්ම බලය බෙදී ගිය වැඩපිළිවෙළ අමු අමුවේ උල්ලංගනය කර විධායකයේ ශක්තිය තර කරන ව්‍යායාමකට ගිය බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් හරහා ඉවත් කළත් වර්තමානයේ ද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කර ඔවුන් කැමති පොලිස්පති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කළ බවත් මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කර පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන් බවත් ප්‍රේමදාස මහතා කීවේය.
මෙවැනි තත්ත්වයක් තුළ සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ රටක ව්‍යවස්ථාව පුද්ගල කේන්ද්‍රීයව නොව ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ජනතා අයිතිය හා ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන ආකාරයට සකස් විය යුතු බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ක්‍රමයේ වෙනසක් උදෙසා නීති ප්‍රතිසංස්කරණය කිරීම තමාගේ අරමුණ හා වැඩපිළිවෙළ බවත් ඔහු සඳහන් කළේය.
මුලික අයිතිවාසිකම් කොටස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකර ආර්ථික සමාජිය සංස්කෘතිය ආගමික ආදී අනෙකුත් අයිතිවාසිකම් දක්වා විහිදිය යුතු බවත් දූෂණ විරෝධී වැඩපිළිවෙළ ද ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කළ අය අනාවරණය කිරීම මෙන්ම වී. එෆ්. එස්. ගනුදෙනුවද අනාවරණය කළේ සමගි ජන බලවේගය බවත් එම නිසා කුප්‍රකට දේශපාලන ගනුදෙනුවලට ඩීල්වලට ඉඩ නොතබන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
පසුගිය වසර 5කට ආසන්න කාලය තුළ අභියෝග රැසක් පැමිණියත් ප්‍රතිපත්ති ගරුකව ස්ථාවරව සිටි බවත් ඔහු පැවසීය.
මුදලින් මන්ත්‍රීවරුන් බා ගැනීමට කටයුතු නොකළ බවත් ඉදිරියටත් ඒ ප්‍රතිපත්තියේ ම සිටිමින් දුෂිත සංස්කෘතියට නැවතීමේ තිත තබන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
තමාට හොරු සමග ඩීල් නොමැති නිසා එදා හොරු සමඟ එක්ව තනතුරු බාර ගැනීමට කැමැති නොවූ බවත් ඔහු කීවේය.
තමාට අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළ බවත් ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කළත් ප්‍රතිපත්ති පාවා නොදුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
වත්මන් ජනාධිපතිවරයා මෙන් තමන් හොරු සමඟ එකට වාසය නොකළ බවත් රට හොරා කෑ හොරුත් එක්ක දේශපාලන දීග කන්න තමාට ලැජ්ජා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙන බවත් ඒවා ද තමා තනි මතයට කරන්න සූදානම් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ඒ සඳහා පාර්ශ්වකරුවන්ගෙන් විවෘතව මත විමසා වඩාත් නිවැරදි ප්‍රශස්ත දේ කරන්න කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
රටේ පාලනය යනු සදාකාලික සින්නක්කරව ලියා දුන් දෙයක් නොව එය තාවකාලික බාරකාරත්වයක් බැවින් එය නිහතමානීව බාර ගෙන රට දැය දේශය වෙනුවෙන් කරන්නා වූ සෑම ගනුදෙනුවක් ම ජාතික අවශ්‍යතාව ගැන සිතා කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක බලතල නෙවෙයි රටේ ප්‍රශ්නය. ඒ විධායක බලතල රටට යහපත් ලෙස භාවිතා කරන නායකයෙක් නැති කමයි ප්‍රශ්නය.
මේ වගේ කතා එතරම් තකන්නේ නැතුව ඉවත් කරලා දාන්න ඕනෑ
විධායකය අහෝසි කරන්න තුනෙන් දෙකක් ගන්න එපැයි. දෙමල ඩයස්‌පෝරාව සතුටු කරන්න ඔහේ කියවනවා. මෝඩ ගහක්...
චන්දයට සති දෙක තුනක් තියලා නේද වැඩේ ආයිත් මතක් උනේ ?ඔය වැඩේ කරන්න ඕනෑකමක් පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ යෝජනාවක්වත් ඉදිරිපත් නොකළේ මොකද ?
අලුත් කතාවක් කියාගෙන යනව, දවස ගානෙ ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටවනව. දැන් ඒවට මොකද වෙන්නෙ?
සජිත්, ඔහෙයි අනුරයි මිනිස්සුන්ට දැන් කිය කිය යන්නේ රටේ ආර්ථිකය වැටුනේ හොරකම් කර නිසා කියලා. හැබැයි මිනිස්සුන්ට කවද හරි තේරුම් ගියොත් ආර්ථිකය වැටුනේ යහපාලන කාලේ ගත්තු ණය වලිනුයි, කොවිඩ් වලිනුයි, රාජපක්ශලාගේ ගොන් ආර්ථික තියරි වලිනුයි කියලා.. එදාට රාජපක්ශලාගේ වගේම සජිත් අනුර කියන යහපාලන ගේමේ උඩම පුරුක් දෙකත් මේ රට මේ තත්ත්වෙට වැටෙන්න වගකීමක් තියෙන බව උන්ට තේරෙන්න ගන්නව. එදාට ඔය පුම්බපු බැලුම් බෝලේ සූස් ගාල හුලං යනවා. එතකොට උඹල එලවන්නෙ රාජලක්ශල එලෙව්ව වගේ නෙමේ. ඒ නිසා බොරු කියලා මිනිස්සුන්ගෙන් බලය ඉල්ලන්න එපා.
කීයක් ඔට්ටුද ඔයා දිනන්නේ නෑ
හරි අපි පිළිගත්තා .ඔබේ කතාව
එතකොට හිටපු ශ්‍රීමත් ජනාධිපති කලේ දැනටත් වඩා ඒකාධිපති පාලනයක් කියලා රටේ නොසිටි නිසා නොදන්නවා ඇති. ඉතින් අප්පා කලදේ පුතාට නරක වෙන්නෙ කොහොමද .පිස්සු නැත්නම් ශෝක්
ආටක මාරයි , නාටක මාරයි . එතකොට ආර්යාවන් 3 දෙනාට හෙලිකොප්ටර් දෙන එකත් අහෝසි කරනවද ?
නටන්න බැරි එකාට පොළොව ඇදයි කිව්වලු. කියපුදේ කරන්න බැරිවෙනකොට අවලංගු නොකර මොනවා කරන්නද .අධ්‍යාපන ධවල පත්‍රය ඉදිරිපත් කලාම විරුද්ධව කටයුතු කරපු අයම දැන් ඒක ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත් කරගෙන. රනිලුත් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හදනවා කියලා බෙරිහන් දෙනවා වගේම තමයි ඔහේගෙ වැඩත්. වෙන්න ජනාධිපතිතුමා
පරණ යල් පැන ගිහිපු මැතිවරණ පොරොන්දු ඕවා. අනුරට සජිත්ට මේ තරම් වියම්දම් කරන්න, දවසකට සෙනඟ ඇද්දලා කරන රැස්වීම් දෙක තුන කරන්න, බැනර් පෝස්ටර් කටවුට් මැතිවරණ කාර්යාල දාන්න සල්ලි කොහෙන්ද ? මේව දකින හැම වෙලාවකම මතක තියා ගත යුතු කාරණයක් නම් කවදා හෝ මොවුන් බලයට පත්වුවහොත් මේ වියදම් කළ අයට අපේ මුදලින් තනතුරු තානාන්තර පහසුකම් ආදිය සපයන්න වෙනවා මෙන්ම අපේ ජාතියේ උරුමයන්ගෙන් , බහුමික අඛණ්ඩතාවෙන් වන්දි ගෙවන්න සිදුවිය හැකි බව මේ මිනිස්සු බලෙන් අද්දලා කරන රැස්වීම්, බැනර් කටවුට් දකින හැම මොහොතකම සිතට ගත යුතුයි
මෙයාගේ ගෙදර ඉන්න ගෑණු 3න් දෙනා එක්ක මෙයාට ඕන දේවල් කරන්න හම්බවෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත.