
දිනෙන් දින විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් ගොඩගැසෙමින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් නිර්මාණය වී ඇති "හදිසි" තත්වයට තාවකාලික පිළියමක් ලෙස කඩිමුඩියේ ඇණවුම් කළ යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරික්ෂා කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ අදාළ කර්මාන්තශාලාවේ සංචාරයකට ගොස් ඇත.
යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර තොගයේ නව සැපයුම්කරු වන්නේ තේල්ස් සමාගම වේ.
එම සමාගමේ දේශීය හවුල්කරුවන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා වූ ටෙන්ඩරයද මෙම වසර මුලදී හිමිකර ගත්තේය.
කෙසේ වෙතත්, ලංසු ව්‍යුහයේ සහ කොන්දේසිවල පසුව සිදුවූ වෙනස්කම් හේතුවෙන් ටෙන්ඩරයේ ප්‍රමාදවීමක් ඇතිවූ අතර ඒ හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමටත් ප්‍රථම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැවැති විදේශ ගමන් බලපත්‍ර පොත් තොගය ඉතා ඉක්මණින් අවසන් වීමට පටන් ගත්තේය.
දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර සැපයුම්කරුවන එපික් ලංකා සමාගම සහ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගම අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවට යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර අලෙවි කිරීම සඳහා තිබූ තරඟකාරී ගැටුම අවසන් කරමින්,විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසියාකාරව කළමනාකරණය නොකිරීම හේතුවෙන් පැනනැග ඇති විදේශ ගමන් බලපත්‍ර පොත් හිඟයට තාවකාලික විසඳුමක් ලෙස යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 750,000 ක ඇණවුමක් ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුව කටයුතු කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ මිනිස්සු විතරක් නෙමෙයි සුද්දොත් අනුරට එක්වෙලාද මන්දා
25000ට ඕක ගන්ඩ පුලුවන් ලු. ඔතන ඉන්න එකෙක් ට දුන්නම ..
අවසාන විදේශ සංචාරය සදහා සුහපැතුම්
පේන විදිහට වෙලා තියෙන්නේ අලුතින් පාස්පෝට් හදන්න ටෙන්ඩර් දාලා තියෙද්දි තියෙන පාස්පෝට් ක්ෂණිකව ඉවර වෙන එක. මොකද අසාමාන්‍ය විදිහට දවස ගාණේ පාස්පෝට් නිකුත් වෙන කොට ඉවර වෙන එක කරන්න දෙයක් නෑ. කොහොමත් රටේ විගණනය මාර විදිහට ශක්තිමත් කරන්න කියනවා නම් නිලධාරීන් රෙගුලාසි, චක්‍රලේඛ වල හිර වෙන එක නවත්වන්න බෑ. මොකද ක්ෂණිකව පාස්පෝට් දෙන්න ගියා නම් පෝලිම් නැති වෙයි, කවුරු හරි කියයි මෙන්න ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරලා ගසා කනවා කියලා.
රටටම කෙළවුනත් විදේශ සංචාරනම් අනිවාර්යයයි. විෂයභාර ඇමති යන්නෙ නැතෙයි???
ඇමතිලා ඉහල නිලධාරීන් සහ පරිගණක අංශයේ නිලධාරීන්ගේ ජරාව කෑම කොහොමද කියල රටටම පේනව නේද?.මේ අර්බුදය අවසාන වන්නේ තේල්ස් සමාගමේ කට්ටිය ලාංකික නියෝජිතයා හරහා දෙපාර්තමේන්තුව තුල ස්ථාවර සේවයට එක්වීමෙන්. දැනට තියෙන ක්‍රමය එපික් ලංකා සේවකයෝ කට්ටියක් පූර්ණ ලෙස සහයෝගය දීම නේද?
අලස් කපූට් තමයි ඔය.
පාලකයා බොරදියේ මාලු බානවා. මනුස්සයා පෝලන්තයේ සවාරි යනකොට මිනිස්සු පෝලිමේ කට්ට කනවා.
මේ ගැන සියලු විස්තර සහිතව මාධ්‍ය සාකච්ඡාවක්, විජිත හේරත් පා.ම. විසින් අද පැවැත් වූවා.
මේ කාලකන්නි ගියා කියලා පෝලන්තේ මුද්‍රණ සමාගමේ තිබෙන යන්ත්‍ර සුත්‍ර වේගවත් වෙනවාද? මොවුන්ට රට සවාරි නොවේ දෙන්න ඕනේ වැඩ තහනම් කරලා, රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා නඩු දමන්න ඕනේ...