
(සුජිත් හේවාජුලිගේ)
සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් රටට අවශ්‍ය යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
නායකයා පළපුරුදු කළමනාකරුවකු විය යුතු බව ඔහු සඳහන් කළේය. සමහරුන්ගේ සුන්දර කතා වලට රැවටී රට නන්නත්තාර කරගත් බව පැවසූ මන්ත්‍රීවරයා අදත් ඔය සමහර ආපේක්ෂකයන් කියන සුන්දර කතා අහල ඡන්දය දේවි යැයි සිතිය නොහැකි බවද ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ ගම්පහදී ඊයේ(8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සුරංගනා කතා හැමෝටම කියන්න පුළුවන් බවත් සුරංගනා කතා යථාර්තයක් කරන්න පුළුවන් නායකයා කවුදැයි ජනතාව තේරුම් ගත යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඒ ඉලක්කයට යා හැකි කණ්ඩායමක් සිටින්නේ කාටදැයි කවුරුත් තේරුම් ගත යුතු බව අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කියන්න හැදුවේ නායකයා විහිළු කාරයෙක් කියලා නේද? රනිල්ගේ යහපාලන හොරු සෙට් එකට රට බාර දෙන්න අපිට නම් පිස්සු නැහැ...!
ගහපං පුතා ඔබත් බඩ පිනුමක්...!
ඔය කියන්නේ සජිත් ගැන නේද? යන යන තැන සුන්දර පොරොන්දු දෙන සජිත්, ජනාධිපති කාර්ය සාධක බලකා කීපයක් පිහිටවූවාද? කවුරු හරි ඇවිත් කතා කලොත් එතන ජනාධිපති කාර්ය සාධක බලකායක්, පාසල් දහ දාහට කෝටිපතියො දහ දාහක් හොයලා දෙනවා කියලා කියන තරමට බොළඳ කතා....
ඔයා සියලුම දෙනා එකට එකතු කරගන්න හදන්නේ ඔයාලගේ ආරක්ෂා ව ට. ඒකට පරක්කු වැඩියි මොකද රටේ සියලුම ජනතාව තමන්ගේ ආරක්ෂාවට එකතු වෙලා ඉවරයි
දැම්ම වෙන හතක් බලා ගත්තොත් හොඳයි.. ඒක නම් ඇත්ත. මොකද පහුගිය දවස්වල සජිත් ප්‍රේමදාස ඡන්ද දෙසීය එකතු කරගන්න හිටපු මැති ඇමැතිවරුන්, හමුදා පොලිසි වල ඉහළ තනතුරු දරපු අය, ක්‍රීඩාවට සම්බන්ධ අය සුළු ජාතීන් නියෝජනය කරන අය එකතු කරගත්තු විදියට ජාතික ලැයිස්තුවේ නම් කොහොමටවත් ඉඩක් නැතිවෙයි. පාර්ලිමේන්තු මැතිවරණයේ ලිස්ට් එකට ඔබතුමාගේ නම ඇතුළත් කරගන්න මාර ගේමක් දෙන්න වේවි...!
අපගේ ආධ්‍යාත්මික නායක අනුර සහෝදරයාට සුන්දර කතා කියන විහිලුකරුවකු යයි අනියමින් කියන මාන්නප්පෙරුම මන්ත්‍රී තුමාට අපගේ විරෝධය පල කර සිටිමු.
මෙයා ගැන මම වේලාසනින්ම කිව්වා ඊළඟ පිම්මට සූදානම් වන විදිහ.
තලතාගේ බාල මල්ලි වෙන්න යනවා වගේ... සජිත් පරදින ලකුණු පහළ වෙලා වගේ, එකතු වෙන්න කියන්නේ...
ගම්පහින් පනින්න ඉන්නවා කියන දෙන්නාගෙන් එක්කෙනෙක් වගේ...
අපි ඔය පට්ට හොරුන්ව ගහලා පන්නා දමනවා මේ දින කීපය තුළ. අම්මලා අක්කලා බලාගෙන තමයි ඉන්නේ ෙහාඳට ෙනලන්න. පැණි ෙපර ෙපර යන්න තමා ෙවන්න. ෙහාර ෙද්ශපාලුවන්ව විනාශ කරලා අලුත් රටක් හදමු තව දින කිපයකින්. බලාගෙන තමයි ඉන්නේ. එක්කෝ පර ජඩ දේශපාලුවන්ව ඉවරටම ඉවර කරලා ජනතාවට විමුක්තිය ගෙන එමු. අනුර සමග යමු. සූදානම් ෙවමු. ජය රටට ජය ජනතාවට...
කාලා මදිවෙලාද කොහොද ගහපුවා අහුවෙයි කියලා බයේ... ආයිත් එකතු වෙලා රටට කන්ඩයි මේ කුරුමානම
සත්‍යය ලෙසම මුන්ට දැන් නින්ද යන්නේ නැහැ මර බිය බොහොම දරුණු ලෙස දැනිලා සත්‍යය එතනයි