මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මගීන් අමාරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අද පෙරවරුවේ අවලංගු කිරීමෙන් මගේ ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ. 20 March 2024
මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය. 20 March 2024
වසන්ත යාපා පත්කළ ගමන් අස්වෙයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කෝප් කමිටුවට අලුතින් පත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා තමා එයින් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය. 20 March 2024
පොහොට්ටුවේ ජනපති හොයන්න අද සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එහි ජාතික සංවිධායක,බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (20) පෙරවරු 10.00 ට පැවැත්වේ. 20 March 2024
මේ රස්නයෙන් සතුන්ටත් ආතතිය පවතින වියලි කාලගුණයත් සමග සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පසු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි. 20 March 2024
රට ගිය මැති ඇමැති හතක් යළි ගෙන්වයි විදේශගතව සිටින මැති ඇමැතිවරුන් හත් දෙනකුට වහාම දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් දී ඇත. 20 March 2024
ජාඇල වෙඩි තැබීමේ සිද්ධියේ යතුරු පැදිකරු මාට්ටු ජා ඇල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු බව කියන පුද්ගලයකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 March 2024
ආහාර විස වී සෙවනගල කොතලාවල පීඨයේ සිසුන් 29ක් රෝහලේ සෙවනගල පොලිස් වසමට අයත් නුගේගලයාය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසි නවදෙනෙකු ආහාරය විස වීමෙන් සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි . 20 March 2024
අද කාලගුණය දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි. 20 March 2024
ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 19 March 2024
බිරිය ගෙන්වා ගන්න වකුගඩුව විකුනන්න යන සැමියා කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු තම වකුගඩුවක් රුපියල් ලක්ෂ 15 කට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරන පුද්ගලයකු මනම්පිටියෙන් අපට හමුවිය. 19 March 2024
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පනියි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 March 2024
පෙම් පලහිලව්වට ගුරුවරියගෙන් ගුරුවරියට පිහි පහර පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 19 March 2024
ලංගම බසයක් පෙරළී 18ක් රෝහලට මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් දඹුල්ල නාවුල උඩදෙණිය ප්‍රදේශයේ තාප්පයක ගැටි සිදුවු අනතුරින් මගීන් 18 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 19 March 2024
තව මන්ත්‍රී තිදෙනෙක් කෝප් හැර යති තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ,පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහත්වරුන් මෙලෙස කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 19 March 2024
මරික්කාර්ටත් කෝප් කමිටුව එපා වෙයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 19 March 2024
කෝටි 10 ක ස්වර්ණාභරණ කටුනායකින් අල්ලයි රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය අද (19) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 19 March 2024
චරිත හේරතුත් කෝප් කමිටුව හැර යයි පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 19 March 2024
උත්තර ලංකා සභාගය විශ්වාස භංගයට සහය දෙයි උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2024
ජනපතිට කොමඩු ගෙඩියක් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු හමුවූහ. 19 March 2024
කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය. 19 March 2024
ඩොලරය තවත් පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ. 19 March 2024
දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. 19 March 2024
සිංහරාජෙ අලි යුවලගෙන් එකෙක් අතුරුදන් දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේය . 19 March 2024
පොහොර ගැන කැබිනට් තීරණ තුනක් 2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ. 19 March 2024
පෙළපොත් - නිල ඇදුම් ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක් රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් තිබේ. 19 March 2024
ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 March 2024
විශ්වාසභංගය ඉදිරිපත් කරයි මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක පුටුවට පැමිණි පසු දේශපාලන සබඳතාවලින් මිදුනේ නැතිව කටයුතු කිරීම ඔහු කරගත් විශාලතම වරද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. 19 March 2024
ජපාන තානාපතිත් අනුර කුමාර හමුවෙයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවැත්විණි. 19 March 2024
දේශබන්දුගෙන් පාතාලයට රතු එළියක් මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 19 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025