අදත් පළාත් කිහිපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 June 2024
අනතුරින් දෙකක් මරුට මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 11 June 2024
කුඩු බොන්න එපා කීවැයි සැමියා බිරිය මරලා අබිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 11 June 2024
ලලිත් කොතලාවල තෙවරක් මැරිලා:පරීක්ෂණයක් ඉල්ලයි හෘදයාබාධයකින් මිය ගියේ යැයි මරණ පරීක්ෂණ තීන්දුවක් ලබා දී ඇති සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව ඇති බැවින් මරණය සම්බන්ධව තවදුරටත් සැක සහිත බැවින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය. 11 June 2024
කායවර්ධනයෙන් ආසියාවම දිනා 14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ. 11 June 2024
මන්ත්‍රී වාහන සිහිනය ජනපති සුරතට තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී ඇත. 11 June 2024
නීතිපති සේවා දිගුව තීරණයක් නැතුව දෙවැනි දිනයටත් කල්යයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (10) අවසන්වී ඇතැයි වාර්තාවේ. 10 June 2024
වතු කම්කරු වැඩි වැටුප ඇල්කඩුව සමාගමෙන් ගෙවයි මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කරනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් ලෙස වැඩි කර ලබාදීම අද ඇල්කඩුව වැවිලි සමාගමේ මාතලේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණි. 10 June 2024
ගංවතුරේ යටවී සිටියදී උදව් කළාට කෝටි 3ක මැණික්වලට විදලා ගංවතුරින් නිවස යටවීම හේතුවෙන් අසරණ වූ පවුලක් නිවෙසට කැඳවාගෙන විත් නවාතැන් දී දින දෙකක් තුන් වේලම කන්න බොන්න දුන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනා මැණික් ගල් සොරා ගත්තේ යැයි කියන එම පවුලේ මව පියා සහ පුතා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 10 June 2024
ත්‍රිරෝදයක් පොලිස් පරික්ෂක හප්පා පැන ගිහින් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකායට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයකු සිවිල් ඇදුමින් හැව්ලොක්, කැප්පෙටිපොළ පාර පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදී කිරුළපන දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් එම නිලධාරියා හප්පා පලාගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි. 10 June 2024
මෝදිගේ දිවුරුම් දීමට අත්භූත සතෙක් ඇවිත් තෙවැනි වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ අත්භූත සතෙකු සිටින වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය කැළඹුවේය. 10 June 2024
ආර්ථික විශේෂඥයින් - ජාජබ නියෝජිතයින් අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද (10) දහවල් දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් සිදු විය. 10 June 2024
’’නව ආර්ථික කොමිසමෙන් අලුත් රාජ්‍ය ආයතන 6ක් බිහි වෙනවා’’ පනත් පහක් ඒකාබද්ධ කර හදිසියේ සම්මත කරගත් නව ආර්ථික කොමිසම හේතුවෙන් අණ්ඩුව නඩත්තු කළ යුතු තවත් ආයතන හයක් බිහිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (10) පැවසීය. 10 June 2024
ගිම්හානයේ නවාතැනට සුදුසුම රටවල් තුන අතර ලංකාවත් මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත. 10 June 2024
කෙහෙළියට මල් වඩම් තැබීමේ අමු කොපිය රූපවාහිනියෙන් ඉල්ලයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ දර්ශන විකාශය කළ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත අද (10) නියෝග කළේය. 10 June 2024
මෝදි ලංකාවට ? ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවෙි සංචාරය කරනු විශ්වාස කරන බව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නවදිල්ලි නුවර දී අද (10)පැවසීය 10 June 2024
ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කර ගැසට්ටුවක් විස්සයි - 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 10 June 2024
නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනී මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය. 10 June 2024
‘මරණ වලින් සියයට 89 ක් බෝනොවන රෝග වලින්‘ මෙරට සිදුවන මරණ වලින් සියයට 89 ක් සිදුවන්නේ බෝනොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසිය. 10 June 2024
දුම්රිය රියදුරු වැඩවර්ජනය අවසන් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වැඩවර්ජනයේ යෙදී සිටි දුම්රිය රියදුරන් අතර සාකච්ඡාව සාර්ථකවීමෙන් පසු වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරෝ පැවසූහ. 10 June 2024
ලොකු තනතුරු තුනකට මැතිසබයේ අනුමැතිය මහ කොමසාරිස්වරයකු, තානාපතිවරියක සහ අමාත්‍යාංශ ලේකම්වරයකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබාදි ඇත 10 June 2024
උසස් පෙළ හපන්නු ඇගයේ අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලැබූ සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10) පැවැත්විණි. 10 June 2024
නිධානයකින් ගත්බව කියන රන් විකුණන්න ගිහින් මාට්ටු නිධානයකින් ගොඩ ගත් බව කියන් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමකින් යුත් බව කියන රන් කිලෝ පහකට වැඩි ප්‍රමණයක කුට්ටිටක් සමඟ ගිරිබාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 10 June 2024
අසල්වැසියාට මුල් තැන දෙනවා අසල්වැසියාට පළමු තැන යන ප්රතිපත්තියෙහි සිටිමින් ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ රාශ්ට්‍රපති භවන්හිදී පැවසීය. 10 June 2024
ආරක්ෂක ප්‍රධානීන්ගේ සේවය දිගු කරයි සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 10 June 2024
ගණේමුල්ල සංජීව 24තෙක් රිමාන්ඩ් වීරගුල පොලිසිය භාරයේ මාස 09ක් රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සංජීව කුමාර නොහොත් ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය විසින් අද (10) නියෝග කළාය. 10 June 2024
සූදු නියාමන පනත ළඟදීම මැතිසබයට කැසිනෝ ඇතුළු සියලු සූදු නියාමන කිරීමේ විධිවිධාන ඇතුළත් අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 10 June 2024
‘පස් පොඩ්ඩාට‘ වෙඩි තැබූ වෙඩික්කරු ගුවන්තොටේදී අල්ලයි ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ’’ පස් පොඩ්ඩා ’’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරට පළා ගොස් සිටි වෙඩික්කරු අද(10) පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ 10 June 2024
සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවෙන් කොටුව අවහිරවෙයි සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ මේ වන විට පත්වන විරෝධතාව හේතුවෙන් එම මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 10 June 2024
ඇත්දළ යුගලක් සමඟ අයෙක් දැලේ නීති විරෝධී අයුරින් ඇත් දල යුගලක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 10 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026