ඊශ්‍රායල් සිහිනය බොඳ කළ රෝහල් සේවිකාව මාට්ටු ඊශ්‍රායලයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පනස් තුන් දෙනකු රවටා රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන රෝහල් සාත්තු සේවිකාවක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 12 June 2024
බෝට්ටුවක් පෙරළී 49 ක් මරුට අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ. 12 June 2024
යුරෝපා රටවල ඩෙංගු පැතිරෙනවා යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 12 June 2024
රුවන්පුර දිසාපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියට වැඳ සමාව ගනී තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද අද (12) සමාව ගත්හ. 11 June 2024
රූමස්සලින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් උණවටුන රූමස්සල මුහුදේ දී අද(11) පස්වරුවේ ධීවර යාත්‍රාවක් පෙරලී එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 11 June 2024
ධීවරයේ ලොක්කන් හතරකට අමුතු බෙදිල්ලක් උත්සව අත්තිකාරම් ලබාදිය යුත්තේ වසරකට එක් වරක් පමණක් වුවද ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට 2023 වර්ෂයේදී දෙවතාවක් උත්සව ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 11 June 2024
අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවක් සිදු විය. 11 June 2024
ජාවාරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 11 June 2024
වැටුප් විෂමතා ගැටලු විසඳන්න විශේෂඥ කමිටුවක් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 11 June 2024
‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘ ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ලේ දී පැවසීය . 11 June 2024
හොරගොල්ලේ වෙඩි තැබීමක් හොරගොල්ල ප්‍රදේශයේ අද( 11 ) පස්වරවේ සිදුවු වෙඩි තැබීමකින් තුවාලලත් පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 11 June 2024
ටීචගේ රුවට වෙනත් ඇඟක් බද්ධ කළ සිසුවාට ඇප පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක් බද්ධ කළ බව කියන එම පාසලේම සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියේග කළේය. 11 June 2024
මලාවි උප ජනපති ගුවන් අනතුරින් මරුට අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. 11 June 2024
හර්ෂගෙන් මුදල් ඇමැතිට ලිපියක් නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි. 11 June 2024
’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ සියලු තොරතුරු රහස් පොලිසියට දෙන්නයි නියෝග ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’තැන්පත්කරුවන් හා මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් රහස් පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔන්මැක්ස් අධ්යක්ෂ මණ්ඩලයට අද නියෝග කළේය. 11 June 2024
ප්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. 11 June 2024
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමට අනුබල දුන් දෙකක් කොටුවෙයි අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු අවිස්සාවේල්ල සහ ලුණුගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 11 June 2024
රුසියාන් විදේශ ඇමැතිගෙන් පොරොන්දුවක් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම මත රුසියානු හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා එකඟතාවය පළ කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 11 June 2024
ගෙදර භීෂණය ඇති කළ කොස්තාපල් පොලිසියෙන් පන්නයි බීමතින් නිවෙසට පැමිණ බිරියට පහරදෙමින් අසල්වැසියන් නිතර පීඩාවට පත්කළ බව කියන මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 11 June 2024
පෞද්ගලික බැංකුවක හදිසි ගින්නක් මොරගහහේන නගරයේ පුද්ගලික බැංකුවක මීට සුළු මොහොතකට ඉහතදී ගින්නක් හටගෙන ඇතැයි මොරගහේන පොලිසිය කියයි. 11 June 2024
ඊශ්‍රායල හමුදා පහර දුන්නොත් ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්න ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්නැයි හමාස් ප්‍රධානීන්, ඔවුන්ගේ සටන්කාමීන්ට උපදෙස් දී ඇත. 11 June 2024
ඇමෙරිකන් උපදේශකයන්ට පිහි ප්‍රහාරයක් චීනයේ සංචාරයකට ගොස් සිටි ඇමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයන් සිවු දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සිවුදෙනා චීනයට ගොස් ඇත්තේ දැනුම හුවමාරු වැඩසටහනක් යටතේය. 11 June 2024
හොරණ නිවසක ඝාතනයක් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 June 2024
සටන් විරාම යෝජනාව ආරක්ෂක මණ්ඩලයට ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. 11 June 2024
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් 11 June 2024
මලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන් අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. 11 June 2024
පොසොන් සතියට අපුරේ පාසල් 11ක් වැසෙයි පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත. 11 June 2024
දුම්රිය ධාවනය පෙර පරිදිම දින හතරකට පසු දුම්රිය ධාවනය අද( 11) උදේ වරුවේ සිට සාමාන්‍ය තත්ත්වයට පත් වූ බව දුම්රිය දෙපාරතමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 11 June 2024
කඹ ඇදිල්ලෙන් හැටන් දුම්රිය ව්‍යාපෘතිය කොට උඩ නව හැටන් දුම්රිය ස්ථානය ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීමක් හේතු හේතුවෙන් වසර දෙකහමාරක් තිස්සේ නැවතීමෙන් කෝටි හතළිහක පමණ පාඩුවක් සිදු වී ඇතැයි පරිසරයේ ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 11 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026