
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු රාජ්‍ය නාලිකාවලට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් වරදකරු කරමින් රුසියානු අධිකරණය අපූරු දඬුවමක් නියම කර තිබේ.
එරට ජාතික විකාශන නීති ඇල්ෆබට් උල්ලංඝණය කර ඇති බවට තීරණය කළ රුසියානු අධිකරණය ඇමෙරිකානු ඩොලර් ඩෙසිලියන් 20 ක දඩයක් නියම කර ඇති අතර මාස 9 ක් ඇතුළත රුසියානු රාජ්‍ය නාලිකා වලට යූ ටියුබ් සමාජ මාධ්‍ය තුළ පනවා ඇති තහනම ඇල්ෆබට් ඉවත් නොකොළහොත් ඉන් පසුව ගතවන සෑම දිනකම එම දඩය දෙගුණ වන බවද ප්‍රකාශ කර ඇත.
ඩෙසිලියන් 20 ඉලක්කමෙන් ලියන විය 2 ට පසුව බිංදු 33 ක් තිබේ (2000000000000000000000000000000000 = ඩෙසිලියන් 20) මෙය ලෝකයේ රටක් ගූගල් මවු සමාගමට නියම විශාලතම දඩය වේ. ලොව රටවල් සියල්ලම මෙතෙක් ගූගල් සමාගමට නියම කර ඇති දඩ එකතු කළද එය ඩෙසිලියන් 20 ට සමාන නොවන බවද පැවැසෙයි. මෙම දඩය ලොව ආර්ථිකය මෙන් කීප ගුණයක් බවද සටහන් වේ.
මෙම දඩය සංඛේතාත්මක එකක් බවත් මෙම දඬුවමේ සැබෑ අරමුණ රුසියානු රාජ්‍ය නාලිකාවලට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ පනවා ඇති තහනම ඉවත්කරවා ගැනීම බවත් නීති විශාරදයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංඛ්‍යාව මේ ලෝකේ තියෙන සම්පූර්ණ ධනයටත් වඩා වටිනාකමක් ඇති ධනයක් පෙන්නුම් කරන ඉලක්කමක්. කවුද ඉතින් ඕක ගෙවන්නේ? ඕකෙන් සුළු කොටසක් ගෙවන්නත් පෘතුවිය වගේ කීපයක් ඕන වෙයි. ඉතින් මේවා මොට්ට ජෝක්. ගෙවන්න බැරි නම් බින්දු කෝටියක් තියෙන ඉලක්කමක් තිබ්බත් වැඩක් නැහැ.
ඒකනං ලොකේ ලොකුම රුසියන් විහිලුවක්, බොහෝ විට රුසියාට ගූගල් අන්තර්ජාල සේවාවද නොලැබී යා හැකිය...!
යුක්රේන් යුද්ධයට යන වියදම් වලින් කොටසක් හෝ ආපසු ලබාගැනීමට සූත්තර පුංචා වන පුටින්ගේ උපක්‍රමශීලී අදහසක්... නැතිනම් හීනයක්...!!!