
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට සැක කරන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව පන්නිපිටිය ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
හිටපු අමාත්‍යවරයාගේ රියදුරකු විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී මෙම මෝටර් රථය ගරාජයට රැගෙන වීත් තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී එහි ලියාපදිංචි අංක තහඩු නොතිබූ බව ගරාජ් හිමියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
එම මෝටර් රථයේ මේ වන විට කොට්ටාව පොලිස් භාරයේ නඩු භාණ්ඩයක් වශයෙන් ලේඛනගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවලාට අයත් බව සැකකෙරෙන වාහනයක් කියන්නේ ඒක ලියාපදිංචි කරලා නැද්ද?. ලියාපදිංචි කරල තියෙනවා නම් ලියාපදිංචි අයිතිකරු කවුද කියන්න ලිඛිත සාක්ෂි තියෙද්දී බයවෙන්නේ ඇයි සැක සහිතයි කියලා වාර්තා ලියල පීචං වෙන්න එපා 2. ඇත්තටම විදේශ විනිමය වියදම් කරලා රටට ගෙනැවිත් පාවිච්චියට නොගෙන මෙහෙම මහමග තැනින්තැන දමා යනවා කියන්නේ රටේ සංවර්ධනය අඩාල කිරීමක් වගේම ජනතා මුදල් නාස්තියක් නොවෙයි කාබාසිනියා කිරීමක් කියලා කියන්න පුළුවන්...
ජනතාවට කන්න බොන්න දීලා තමන්ගේ වැඩේ කරගත්තු ජනතා හිතෛෂී නායකයාට ඇයි මෙහෙම කරන්නේ...?
ඇමැති මන්ත්‍රී බහුතරය රථ ගායෙන් පෙලෙමින් ඉඳලා තියෙනවා නේද? ඔය ලෙඩ්ඩුන්ට නැවත ඡන්ද නොදෙන්න ඡන්ද දායකයෝ පියවර ගත යුතුයි.
මේවගේ දෙකයි පනහෙ දේවල් නොකර අර පැය 24න් ඇතුළට දානවා කියපු දේවල්ටික කරලා පෙන්නන්නකෝ...!
මේවා මෙහෙ එකලස් කලා කියන්නේ බොරු කතා, කෙලින්ම වාහන ගෙඩිය පිටින්ම ගෙනත් තියෙනවා. වරාය බාර ඇමැතිගේ ආශීර්වාදය ඇතිව රේගුවේ අනුදැනුම ඇතිව ගෙනාපුවා. ඔය දැන් ගලවලා දමලා තිබුණාට හොරට ගහගෙන දුවන්න හොර නොම්මර තහඩු බොහෝමයක් තිබිලා තිබෙනවා. සමහර වාහන මෙහෙම ගෙනත් ඒවාට හොර පොත් හදලා රෙජිස්ටර් කරලා පාරේ දුවනවා... ඒවා අල්ලන්න බැහැ. ජෝනියලා පමණක් නොවේ පක්ෂ විපක්ෂ දේශපාලුවෝ බොහෝදෙනෙක් මේ වැඩේ කරලා තිබෙනවා. ජෝනියලා මේවා තොග වශයෙන් ගෙනත් ප්‍රසිද්ධියේ හොර ගැණුන්ටත් බෙදුව නිසා තමා ඉක්මණට මාට්ටු වුනේ..., හොර ගැහැණු ඉරිසියාවට අනිත් හොර ගෑණි ළඟ තිබෙන හොර වාහන ගැන විස්තර ආරක්ෂක අංශ වලට දෙනවා..
රටේ එකවර හිටපු ගමන් STF පොලිස් රෝඩ් බ්ලොක් දමලා, එතැනින් යන ප්‍රාඩෝ, පැජරෝ V8 වැනි වාහන පමණක් නවත්වලා, ලයිසන්, ඉන්සුවරන්ස් චෙක් කරලා මේ අංකය මේ වාහනයට අයත්ද කියන විස්තර සිස්ටම් එක හරහා චෙක් කරලා බැලුවා නම් විශාල හොර වාහන තොගයක් අල්ලාගන්න පුළුවන්, මට වැටහෙන විදිහට ඔය පාරේ යන ප්‍රාඩෝ, පැජරෝ වලින් 5%-10% අතර ප්‍රමාණයක් හොර වාහන...