
(අංජුල මහික වීරරත්න)
නොවැම්බර් මස අග භාගයේදී තවත් විදේශ ගමන් බලපත්‍ර 100,000ක් ද දෙසැම්බර් මාසයේදී තවත් ගමන් බලපත්‍ර 150,000ක පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.
විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව 'P' කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර මේ වන විට 50,000 ක් ආගමන කා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.
ඊට සමගාමීව තවත් හිස් ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කොට ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,600 ක පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රම වේදය සකස් කිරීමට හැකියාව ලැබෙන බවද දෙපාර්තමේන්තුව කියයි.
විධිමත් පරිදි දිනයක් හා වේලාවක් මාර්ග ගත ක්‍රමය යටතේ වෙන් කරගැනීම සඳහා ක්‍රම වේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් බලපත්‍ර කොල්ලටයි බල්ලටයි අරන් අල්මාරිය අස්සේ එබුවට වැඩක් නැහැ නේ? ඉතින් ඕකෙන් වැඩක් ගන්න පුළුවන් එකෙක් විතරක් ගන්නවා නම් ඔය පෝලින් නතර වෙනවා. මිනිස්සු හැමදේම කරන්නේ රැල්ලට.
මේ පෝලිම් නිලධාරීන් විසින් නිර්මාණය කරන ලද්දක්, මිනිස්සු පෝලිමේ ඉන්නවා අංක ගන්න දිනකට නිකුත් කරන්නේ අංක 1600 පමණ අංක 1600 ඉවර වුණාම පෝලිමේ ඉතුරු පුද්ගලයින්ට අංක දෙන්නේ ඊට පසුදා , සමහරවිට මේ විදිහට මිනිස්සු අංක ගන්න පැය 36 -48 දක්වා රැදී ඉන්නවා.. මේ අංක දුන්නත් ඉල්ලුම්පත් භාර අන්කේ දෙන දිනේට මාසෙකට විතර පස්සේ... ඊට පස්සේ ඇඟිලි සලකුණු දීලා දින 30 ඉන්න ඕනේ පාස්පෝර්ට් එක ගන්න සාමාන්‍ය ක්‍රමයට..., හදිසි ක්‍රමයට දින 3 ක්, මේකේ විශාලම වරද දිනකට සීමාසහිත අංක ප්‍රමාණයක් නිකුත් කිරීම සහ මේ ගොල්ලන්ට පුළුවන් පැමිණෙන පළමු දිනම ඉල්ලුම්පත භාර ගන්න..., එහෙම නැතිනම් මේ කියන විදිහට තොග එනවා නම් දිනකට දෙන අංක ප්‍රමාණය අවම වශයෙන් 2500 විතර කරන්න පුළුවන්..., එහෙම කළොත් මේ පෝලිම් නිකන්ම නැතිවෙනවා...!
ඔය ප්‍රශ්නේ අර රියදුරු බලපත් අවුල වගේ පගාව ගැනීම සඳහා දූෂිත නිලධාරීන් විසින් ඇතිකරන ලද ප්‍රශ්නයක්... ඒකට ටිරාන් අලස් විසින් අවශ්‍ය රජය අනුග්‍රහය ලබාදුන්නා.. ඉදිරි මාස දෙක තුළ පාස්පෝර්ට් ලක්ෂ 3 ගෙනාවත් ඔය තද බද ප්‍රශ්නේ විසඳන්න නිලධාරියෝ ඉඩ දෙන්නේ නැහැ.. ආණ්ඩුව අපි රජයේ නිලධාරීන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නැහැ කියන මතයේ සිටියොත් නිලධාරීන් විසින් ඔය ප්‍රශ්නේ අර රියදුරු බලපත් ප්‍රශ්නේ වගේ වසර 4-5 ඇදෙන්න පුළුවන්..., මෙතැන තිබෙන්නේ පාස්පෝර්ට් හිඟකමට වැඩිය ඉල්ලුම්පත් භාර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්... දවසකට 1600 භාරගෙන පෝලිම වළක්වන්න බැහැ. නමුත් රජයට පුළුවන් නිලධාරීන් සංඛ්‍යාව වැඩිකොට දවසට භාරගන්න ඉල්ලුම්පත් ප්‍රමාණය 2000-2500 කරන්න. පස්සේ පොත් ලැබුණු දවසක මුද්‍රණය කරලා දෙන. අවම වශයෙන් රජය මේ රැස්වෙන ජනතාවට. අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න ටෙන්ට් ටිකවත් ගහලා දෙන්න.
අනේ මේ... ඉදිරි සැලසුම් කිය කිය ඉන්නේ නැතිව වැඩේ කරන්න. වසර 76ක් තිස්සේම කිව්වේ ඉදිරි සැලසුම් නේ... නමුත් වැඩ වුණේ නැහැනේ... ඒ හින්දා වැඩේ කරන්න.
කතාව සම්පුර්ණ ඇත්ත. අමුතුවෙන් ටෙන්ට් ගහන්න අවශ්‍ය නැහැ... ඕකේ වැඩකරන නිලධාරියෝ වැඩට එන්නේ සුඛෝපභෝගී වාහනවල, ඔවුන්ට වාහන නවතා තබන්න... වහල සහිත අංග සම්පූර්ණ රථ ගාලක් ඔය ගොඩනැගිලි පරිශ්‍රය ඇතුලේම තිබෙනවා. ඔවුන්ට වාහන පිටින් නවත්වන්න කියලා නියම කළා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව 1500-2000 කට වාඩි වෙන්න පුටු තියන්න පුළුවන්.., ටෝකන් දෙන්න දිනයක් සහ අයදුම්පත් බාර ගන්න වෙනමම දිනයක් දීලා මිනිස්සු දෙපාරක් රස්තියාදු කරන්න එපා... නිලධාරීන් ප්‍රමාණය වැඩිකර එදිනම අයදුම්පත් බාරගන්න. පොත් ආපු දිනක ශිෆ්ට් 2 හරි දමලා මුද්‍රණය කරලා දෙන්න... අයැදුම් පත බාර ගන්නකොටම ප්‍රකාශ කරන්න පාස්පෝර්ට් එක මාස 2 පමණ ප්‍රමාදවන බව, ඔතැන දිනපතා රස්තියාදු වෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෝ කියලා අමතක කරන්න එපා. අද ලංකාවේ තිබෙන්නේ 60%ක පමණ පාවෙන ඡන්ද... ඕවා 14 වෙනිදා කොහෙට පාවේවිද දන්නේ නැහැ...!
රැල්ලට ගමන් බලපත්‍ර ගන්න යනවා. මේක ජනතාව විසින් මවාපු ප්‍රශ්නයක්...