බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.
කළු ජාතික බ්කාන්තාවක කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට පත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.
පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැති සටනේදී, බේඩ්නොච්ට අභියෝගයක් එල්ල වූයේ හිටපු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු ද වන රොබර්ට් ජෙන්රික්ගෙනි.
කෙසේ නමුත් අවසානයේ කොන්සවර්ටිව් පක්ෂයේ සියයට 57 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සහාය බේඩ්නොච්ට ලැබෙන බවය.
මීට පෙර කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ලෙසත්, අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්ය. පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවර්ටිව් පක්ෂය පරාජය වූ අතර, එම මැතිවරණය ජයග්‍රහණය කර, දැන් බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි.
මැතිවරණ පරාජයෙන් පසු කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය මෙසේ වෙනස් කෙරුණි. කෙමී බේඩ්නොච්ට පක්ෂ නායකත්වය හිමිවූයේ ඒ අනුවය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
ඇන්ඩ්රු සෙබඩවිල Saturday, 02 November 2024 07:47 PM
අපගේ හරිණි සහෝදරියට මෙය කදිම පුර්වාදර්ශයකි. මාලිමා නායකත්වයට ඇයගේ කුමන අඩුපාඩුවක්ද?
contitutionSunday, 03 November 2024 10:04 AM
ව්‍යවස්ථාව නොදැනීම...!
Perera Sunday, 03 November 2024 12:18 AM
ඉදිරියේදී මෙතුමියට බ්‍රිතාන්‍යෙය් අගමැති වීමටද අවකාශ තිබේ. ලංකාවේ සුළු ජාතික කාන්තාවකට ප්‍රධාන පක්ෂයක නායිකාව වී අගමැති වීමට අවකාශ තිබේද?
රම්බොඩ Sunday, 03 November 2024 09:39 AM
ඉන්දීය සම්භවයකින් යුතු නායකත්වයට මෙන්ම මෙම කළු පාට කාන්තාවට ද එහි සුදු ජාතීන් අකැමැතියි. කළු සුදු භේදය ඉතා ඉහළින් සළකන දුර්වල මානසිකත්වය තාම ඔවුන් සතුයි. එම නිසා මෙම පක්ෂය දිගින් දිගටම පරාජය වනු ඇතැයි නිකමට මෙන් මට සිතුනේ කිසිම දේශපාලන දැනුමක් නැති නූගත්කමට විය හැකියි...