‘‘අයි.එම්.එෆ් පොරොන්දු සියයට 25ක් ඉටු කර නෑ‘‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.ආණ්ඩුකරණය මෙරට ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය. 09 June 2024
දුම්රිය වර්ජනය අඛණ්ඩව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් දින තුනක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මහතා අද (9) පස්වරුවේ පැවසීය. 09 June 2024
ඉතිහාසයේ බලගතුම සන්ධානය තව සති දෙකකින් රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 09 June 2024
පොසොන් සමයට අතිරේක බස් සේවාවක් මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් මෙවර පොසොන් සමයේ වැඩි අතරේක බස් සේවවාක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය. 09 June 2024
දැරියන් මුදලට විකුණන ළමා නිවාස පාලිකාවක් ගැන පැමිණිල්ලක් මහනුවර පිහිටි පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයන බව කියන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි. 09 June 2024
පාසල් ළමුන් රැගත් බසය පෙරළී 13ක් රෝහලේ පාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (09) වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි . 09 June 2024
ඉරාන තරුණියට අතවර කළ සම්බාහන සේවකයා අත්අඩංගුවට කෑගල්ල, රඹුක්කන පාර ආයුර්වේද සම්බාහන ආයතනයක් තුළදී ඉරාන ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන එම ආයනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. 09 June 2024
ජනපතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක් අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (9) දහවල් ඉන්දියාවට පැමිණියේය. 09 June 2024
පිළියන්දල පාර හරස් කර උද්ඝෝෂණයක් පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගංවතුර තර්ජනයෙන් පීඩාවට පත් නොවන ලෙස සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා ඇරැව්වල වෙළ මැද හන්දිය හරස්කොට වාහන ගමනාගමනයට බාධා වන පරිද්දෙන් ප්‍රදේශවාසීහූ එක්ව අද (09) දා උද්ඝෝෂණයක් ඇරැඹුහ. 09 June 2024
අපේක්ෂා රෝහලට යන බසයකට ගල් ගැසූ හතක් අල්ලයි ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 09 June 2024
කොකේන් ගිල පැමිණි උගන්ඩා ජාතිකයා ගුවන්තොටේදී මාට්ටු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි විදේශීකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 09 June 2024
අදත් දුම්රිය 35 අවලංගුයි ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (9) පෙරවරුවේ දුම්රිය 35 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 09 June 2024
කොටි සමයේ රන් සෙවූ සී.අයි ඇතුළු පහක් අත්අඩංගුවට කොටි සංවිධානයේ පැරණි කඳවුරක් පැවති කිලිනොච්චිය, රාමනාදපුරම්, අලගාරි හි ස්ථානයක එම සංවිධානය විසින් වළඳමා ඇති බවට සැක කරන රත්තරන් සෙවු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි. 09 June 2024
සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ සැරයන්ගේ වැඩ තහනම් ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරය මගින් අඩු මුදලට සහල් සහ සිල්ලර භාණ්ඩ ලබාදිය හැකි බව පවසා සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවමින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටුව පොලිසියේ සැරයන්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 09 June 2024
තියුණු ආයුධ සමඟ අයෙක් අත්අඩංගුවට යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස්ට්ඨා කොට්ශඅපරාධ විමර්ශන අංශය පවසයි. 09 June 2024
සමුද්‍ර කෞතුකාගාරයේ ලක්ෂ 16ක මුල්‍ය වංචාවක් ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 09 June 2024
මහනුවරට ගං වතුර අවදානමක් නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි . 09 June 2024
මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති යයි ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද(9) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 09 June 2024
බ්‍රිතාන්‍යය ලංකාවේ යුද අපරාධ ගැන සොයයි ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 09 June 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව කියයි. 09 June 2024
බස්නාහිර නිවාස ආධාර ඉහළ නැංවේ බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයන් බස්නාහිර පළාත් ආන්ඩුකාරවර රොෂාන් ගුණතිලක මහතා විසින් ඉහළ දමා ඇත. 09 June 2024
බලෙන් කතුන් විකිණු කතක සහ තවත් අයෙක් මාට්ටු කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි. 09 June 2024
අවිස්සාවේල්ල කෝච්චිය යථා තත්වයට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබු කොළඹ හා අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය දින පහකට පසු අද (7) සිට සාමාන්‍ය තත්වයට පත් වූ බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 08 June 2024
යුරෝපා මැතිවරණය අවසන් අදියරේ සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැනි විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හැඳින්විය හැක. 08 June 2024
ලොකු දොස්තරලා හිඟයෙන් ඉස්පිරිතාල ගොඩක වැඩ කොටඋඩ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රෝහල් බලධාරීහු පෙන්වාදෙති. 08 June 2024
’ස්ටාර් ලින්ක්’ බලපත නිකුත් කරන්න මහජන අදහස් විමසයි ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා පුළුල් පරාස දත්ත සේවාව සැපයීම සඳහා ඉල්ලුම් කර ඇති සීමාසහිත ස්ටාර් ලින්ක් ලංකා පුද්ගලික සමාගම වෙත අදාල බලපත්‍රය ලබාදීම පිළිබඳව මහජන අදහස් විමසීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි. 08 June 2024
ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, මධ්‍යම ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය. 08 June 2024
ගුණතිලකට පහරදීමට මන්ත්‍රී තුනකගෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. 08 June 2024
විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ? ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි රාහුල්ගේ කොංග්රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 08 June 2024
කොළොන්නාව වෙන තැනකට කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 08 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026