මිරිස්සේ ගැටුමකින් සංචාරක වෙළෙන්දෙක් මරුට වැලිගම මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයකු ඝාතනය කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි . 16 March 2024
පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය. 16 March 2024
පොලිස් මූලස්ථානය වෙනත් තැනකට පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇත. 16 March 2024
මහ බැංකුව පඩි වැඩි කරගත් වාර්තාව බදාදා මැතිසබයට ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 16 March 2024
අනුරාධපුර ඩිජීටල්කරණයට අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට තීරණය කර තිබේ. 16 March 2024
පොලිස් ලොකු පුටු මාරුවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 16 March 2024
ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවයි සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. 16 March 2024
වැරදි ගොඩකට පී.සි දෙන්නාගේ වැඩ තහනම් අපකීර්තිදායක හැසිිරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්කර ඇත. 16 March 2024
ඉන්දු-ලංකා වෙළෙඳාම දෙපැත්තටම වාසි වෙන්න හදනවා ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 March 2024
පළාත් කීපයකට පොඩි වැස්සක් බස්නාහිර,සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 March 2024
පී.එච්.අයි ඝාතකයන්ගේ තොරතුරක් නැහැ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය. 16 March 2024
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජය ලබයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ අද (15) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3 ක ජයක් ලැබීමට සමත් වූහ. 15 March 2024
අලස් - සන්තෝෂ් ජා අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණ. 15 March 2024
‘‘ලෙජන්ට්‘‘ කුසලානයට බලපෑම් කළ ඉන්දීය ක්‍රිකට් ලොක්කෝ 2ක් නවතා ගනී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ’’ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’’ තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නිකුත් කළේය. 15 March 2024
ආචාර්ය ජනක ප්‍රනාන්දුට - සුජිත් කුමාරට අපගේ කණගාටුව ’’බාල බෙහෙත් ජාවාරම: නඩුව නිම වනතෙක් කෙහෙළියත් තව හයකුත් රිමාන්ඩ්’’ යන මැයෙන් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවතේ ඊයේ (14) පළවූ සැකකරුවන්ගේ ඡායාරූප අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතාගේත් එච්.එන්.බී ෆිනෑන්ස්හි ප්‍රධානී (අයකර ගැනීම්) සුජිත් කුමාර මහතාගේත් ඡායාරූප පළවූයේ ප්‍රමාද දෝෂයකිනි. 15 March 2024
දයාසිරිගෙන් නව සංධානයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය. 15 March 2024
’’ගෝඨාට රටින් යන්න සෝභිත හිමි උදවු කලා කියන්නේ බොරු’’ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් මිදී කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවට ඕමල්පේ සෝභිත හිමියන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයකැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය. 15 March 2024
බොන්න වතුර නැත්නම් 117ට කියන්න රටතුළ පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ පානීය ජල සපයා ගැනීමේ ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව වහාම 117ට ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 15 March 2024
අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක් අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 15 March 2024
100 හැවිරිදි ගුවන් සෙබළ 96 පෙම්වතිය සමග අතින්නත ගනියි දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ. 15 March 2024
ලංකාවට ලකුණු 287ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් රැස්කිරීමට සමත් විය. 15 March 2024
‘සෝයා කුඩු’ විශේෂ ටෙන්ඩරය හිටිහැටියේ අවලංගු කරලා රාජසන්තක කළ ‘සෝයා කුඩු’ මෙට්‍රික්ටොන් 157 කට අධික ප්‍රමාණයක් අළෙවි කිරීමට කැඳවා තිබූ විශේෂ ටෙන්ඩරයක් යෝජනා කැඳවීම අවසන් කිරීමට මිනිත්තු 20 ක් තිබියදී ටෙන්ඩරය අවලංගුකිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම දැඩි අසාධාරණයක් යැයි ටෙන්ඩර් යෝජනා ඉදිරිපත් කළ ඇතැම් සමාගම් චෝදනා කරයි. 15 March 2024
විද්‍යාපීඨවලට අයදුම්පත් කැදවයි 2021/2022 අධ්‍යන වර්ෂයේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සදහා අයදුම්පත් කැදවීමේ ගැසට් නිවේදනය අද (15) දින අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇත. 15 March 2024
දුම්රිය රියදුරෝ උපදෙස් බැහැර කරති කොළඹ මරදාන සිට බෙලිඅත්ත බලා පස්වරු 2.30 ට ධාවනය වීමට නියමිතව තිබූ ‘ගාලූ කුමාරී’ දුම්රිය අත්තිරිංග දෝෂයක් තිබියදී සෙසු තිරිංග භාවිත කර ධාවනය කරන ලෙස බලධාරීන් දුන් උපදෙස් බැහැර කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කළ බව වාර්තා වේ. 15 March 2024
එජාප මැයි රැළිය නිදහස් චතුරශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. 15 March 2024
නෙදුන්කේණි පොලීසියට එරෙහිව විරෝධතා වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ පසුගිය ශිවරාත්‍රි දිනෙය් අැතිවූ නොසන්සුන්කාරී තත්වය සමඟ අත්අඩංගුවටගත් පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් හා පොලිසිය පක්ෂපාතීව ක්‍රියාකරන බවට පවසමින් සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් නෙදුන්කෙණි පොලිස් ස්ථානය ඉදිරිපිට අද (15) විරෝධතාවක නිරත වූහ. 15 March 2024
විනිසුරු පුරප්පාඩුවලට නීතිඥ සංගමයේ කණගාටුව ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ පුරප්පාඩු ඉහළ යෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි. 15 March 2024
රුසියන් ජනපතිවරණය: පුටින්ට අභියෝගයක් නෑ රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 15 March 2024
කෙහෙළිය මහධිකරණයට යයි බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය. 15 March 2024
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 15 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025