’’කුඩු ජයනි’’ කොරළවැල්ලේදී මාට්ටු දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජනිත් නැමැත්තකු විසින් මෙහෙයවනු ලබන මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතවන කොරළවැල්ලේ ‘කුඩු ජයනි‘ සහ ඇගේ ප්‍රධාන ගෝලයෙක් ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග කොරළවැල්ල ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 06 June 2024
එකම දිනයේදී දෙවරක් එලොව ගිය කතක් එකම දිනයේ දෙවතාවක් මියගිය කාන්තාවක් පිළිබඳ තොරතුරු ඇමෙරිකාවේ නෙබ්‍රස්කා ප්‍රාන්තයෙන් වාර්තා විය. නෙබ්‍රස්කා ප්‍රාන්තයේ අගනගරය වන ලින්කන්හි සත්කාර ලබමින් සිටි මෙම කාන්තාව පසුගිය (03) දා උදෑසන 9.44 ට ප්‍රථම වතාවට මියගොස් ඇතැයි ලින්කන් නගර බලධාරීහු ප්‍රකාශ කළහ. 06 June 2024
ලංකාවට ’’Starlink’’ ගේන්න අවසර දෙයි ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා ’’ස්ටාර් ලින්ක්’’ (Starlink)වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 06 June 2024
ලංවිම සේවක නිවාඩු අවලංගු කරයි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කළ බව එම මණ්ඩලය පැවසීය. 06 June 2024
සැමියා සොරාගන්නා රන් බඩු බිරිය උකස් කරලා සැමියා රාත්‍රි කාලයේ නිවසක් බිඳ සොරා ගන්නා ලද රන් භාණ්ඩ බිරිඳ ගෙන ගොස් උකස් කර ඒ මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. 06 June 2024
ලයිට් බිල අඩු වෙන්නේ මෙහෙමයි විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) පැවසීය. 06 June 2024
චෙක් ජනරජයේ දුම්රිය අනතුරක් චෙක් ජනරජයේ මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් සිව් දෙනකු මියගොස් 23 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 06 June 2024
නව විදුලි පනතින් ඇතුලේ සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා නව විදුලි පනත සම්මත වීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට තිබෙන බිස්නස් නැති වී යන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 June 2024
ජූඩ් ශමන්තට සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියි රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය. 06 June 2024
ගම්පහ ගංවතුර මඬින්න ඒකාබද්ධ කමිටුවක් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතන වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත. 06 June 2024
ජනපති දේශපාලන කාර්යාලය විවෘත කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹදී සුබ මොහොතින් විවෘත කළේය 06 June 2024
පළාත් කිහිපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 June 2024
ගම්පහ පුරපතිගේ අමුතු කෑම බෙදිල්ල රජයේ ප්‍රතිපාදනවලින් සකස් කර තිබූ ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බෙදා දීමේදී රාජ්‍ය දේපළ අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාට එරෙහිව බස්නාහිර පළාත් සභාව මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 06 June 2024
මහින්දානන්ද - ගුණතිලක වලිය ගැන සොයන්න පොලිසිය ජනපති කාර්යාලයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගෙන් කොටුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කර අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 06 June 2024
ආදරයට බාධා කළැයි කොල්ලයි කෙල්ලයි දිය ඇල්ලකින් පැනලා ආදර සම්බන්ධතාවට මවුපියන් අකැමැති වුණැයි බාල වයස්කාර පෙම් යුවළක් රම්බොඩ ගැරඬිඇල්ල දිය ඇල්ලෙන් පහළට පැනීමෙන් තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි. 06 June 2024
අතුරලියේ පවුල් 50කට පාචනය පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල, කොඩිගහකන්ද යන ප්‍රෙද්ශයන්හි පවුල් 50 කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. 05 June 2024
සිසුවෙක් සිසුවකුට පිහියෙන් ඇනලා අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයකින් පසු පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. 05 June 2024
මෝදිගේ රාජාභිෂේකයට රනිලුත් යයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි. 05 June 2024
මාධ්‍යවේදියෙකුගේ සිරුර මෝදර වෙරළෙන් හමුවෙයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් ඒකකයේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ ඉදුනිල් ජයවර්ධන මහතාගේ මළසිරුර මෝදර වෙරළේ තිබී අද(05) හමු වූ බව පොලිසිය පවසයි. 05 June 2024
ගංවතුර තේ ගසට මාරයා රැගෙන එයි ගංවතුරට යටවූ මාතර දිස්ත්‍රික්කයේ තේ ගස් මැරීයාමේ තර්ජනයක් ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. 05 June 2024
ආපදාවෙන් පුද්ගලයින් 253,581 ක් පීඩාවට ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් 66 906 කට අයත් පුද්ගලයින් 253 581 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 05 June 2024
වඟුරු බිමේ නාන්න ගිය සිසුවා මරුට වගුරු බිමක දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු අද (05) දියේ ගිලී මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි. 05 June 2024
දැරියට පහරදුන් සුළු පියා ඇතුළු පහක් රිමාන්ඩ්:දැරිය පරිවාසයට පසුගියදා වැලිඔය කල්යානිපුර දී ඉතා අමානුෂික ලෙස සිව් හැවිරිදි දියණියකට පහර දුන් සැකකාර සුලු පියා සමඟ එකී දියණියගේ මව හා තවත් කාන්තාවන් දෙදෙනෙකූ මැයි 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා අද(05) නියෝග කලේය. 05 June 2024
මාමාගෙන් බෑණාට පොරෝ පහරක් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකට බැණාගේ ඔලුවට පොරව පහරක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. 05 June 2024
කෑම වර්ග රැසක මිල අඩු කරයි ගෑස් මිල පහත දැමීමට සමගාමීව කෑම වර්ග රැසක මිල පහත දැමූ බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය. 05 June 2024
මාතර බන්ට් එකක් කැඩේ අත්තුඩාව ගල්බන්ට් එකේ කොටසක් කඩා ගෙන ගොස් ගංවතුර පිටාර ගැලීමට පටන් ගැනීම නිසා යුධ හමුදාව සාමාජිකයින් යොදවා වැලිකොට්ට ගසා එම බැම්ම ආරක්ෂා කර ගැනීමට අද (05) කටයුතු කල බව මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 05 June 2024
උදයංගට කෙටි කලකට රට යන්න අවසර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම එළඹෙන දෙසැම්බර් 4 වැනිදා තෙක් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (05) නියෝග කළේය. 05 June 2024
ගම්මන්පිල - සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ‘සර්වජන බලය’ සන්ධානය නව විදුලිබල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වූ අද (5) පැවැති විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස සහ සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ඇතිවිය. 05 June 2024
අපරාධකරුවකුගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු ඩුබායි හි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් නමැත්තන්ගේ සමීපතමයන් දෙදෙනකු විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවියක් උණ්ඩ 54 ක් සහ හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි. 05 June 2024
විදුලි පනත පරාජය කරන්න විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට උපරිම උත්සහ කර එසේ කිරීමට නොහැකි වුවහොත් පනත පරාජය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හෘදසාක්ෂියක් ඇති මන්ත්‍රීවරුන්ගේන් ඉල්ලා සිටින්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (5) පැවසීය. 05 June 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026