විනිසුරු පුරප්පාඩුවලට නීතිඥ සංගමයේ කණගාටුව ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ පුරප්පාඩු ඉහළ යෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි. 15 March 2024
රුසියන් ජනපතිවරණය: පුටින්ට අභියෝගයක් නෑ රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 15 March 2024
කෙහෙළිය මහධිකරණයට යයි බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය. 15 March 2024
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 15 March 2024
සුරාබදු ව්‍යාජ ස්ටිකර් ඇල්ලීම ගැන හර්ෂගෙන් හෙළදරව්වක් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගැනීම මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබඳු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 15 March 2024
බලපත්‍ර නැතිව දැව ප්‍රවාහනය කළ වැලිගම හිටපු දේශපාලනඥයෙක් මාට්ටු බලපත්‍ර නොමැතිව වටිනා කොස් දැව තොගයක් ආවරණය කළ ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන වැලිගම හිටපු සභාපතිවරයෙක් ඇතුළු තිදෙනෙකු කොක්මාදුව අධිවේගී පිවිසුම අසලදී කනංකේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 15 March 2024
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ 159 ක් වසර දෙකකදී රට හැරයති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බවත් ඉන් ඉංජිනේරුවන් 105 ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54 ක් නිල නිවාඩු ලබා ද, විදේශගත ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (15) පැවසීය. 15 March 2024
ජනපති ’’භාවනාවක ශාන්තිය’’ට ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජයවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන් කොළඹ 7, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. 15 March 2024
අණ නොතැකූ ටිපරයට වෙඩි මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පෙලිස් අණනොතකා ධාවනය කිරීමෙන් එම ටිපර් රථයට වෙඩිතැබීමක් සිදුකොට රියදුරු සිය බාරයට ගත් බව පොලීසිය කියයි. 15 March 2024
කුඹුරු ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් කරයි කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 15 March 2024
රඟපාන්න දෙන බව කියා තරුණියන් රැවටූ හොර දොස්තර මාට්ටු නිරූපණ ක්ෂේත්රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 15 March 2024
රැඳවියෝ වසරකට මිලියන 116ක් උපයති 2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. 15 March 2024
මුරුත්තෙට්ටුවෙි හිමි අරගලය ගැන පොතක් ලියයි නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 15 March 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා කුළුණුවල මේ මොහොත වන විට සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් කර හැරීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් නිර්මාණය වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 March 2024
ස්කොට්ලන්ත ජාතිකයාට පහරදුන් බව කියන සිද්ධියෙන් මාලක සිල්වා නිදහස් රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදු කළේ යැයි කියන හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝග කළේය. 15 March 2024
ඉදිකිරීම් ගැටලු හොයන්න විද්වත් කමිටුවක් ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 March 2024
යාපනයේ නිවසකට පහරදුන් 5ක් අල්ලයි යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසකට පහරදී තීරණයකින් පලා ගිය පුද්ගලයන් පස් දෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 15 March 2024
බොතල් කටුවකින් ගෙල කපා අනියම් බිරිය මරලා අනියම් පුරුෂයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලීකාමරයක් තුළදී බෝතල් කටුවකින් ගෙල කපා කාන්තාවක ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි. 15 March 2024
ලංකාවේ සිටි එකම සීබ්රා මිය ගිහින් මෙරට සිටි එකම පිරිමි සීබ්රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය පවසයි. 15 March 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 March 2024
බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැටිලා ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි. 15 March 2024
හරක් කටාගේ දුරකතන දෙකක් - චින්තකගේ පාස්පෝට් දෙකක් සී.අයි.ඩී යෙදී අතුරුදන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම , මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක් සහ හරක් කටාට සහ කුලු කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිය දී අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 14 March 2024
නිර්වින්දන වෛද්‍යවරිය පැදුරටත් නොකියා රට ගිහින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 14 March 2024
හොර වෙදා රෝගී කතගේ රන් බඩුවලට ඇරලා නිකවැරැටිය රෝහලේ වකුගඩු සායනයට ස්කෑන් පරීක්ෂණයකට ආ 62 හැවිරිදි කාන්තවක රවටා ඇය පළඳ සිටි රන් ආභරණ එම රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි නාඳුනන පුද්ගලයකු වංචාවෙන් ලබාගෙන පළා ගොස් ඇතැයි නිකවැරැටිය පොලිසිය කියයි. 14 March 2024
කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් අද නියෝග කළේය. 14 March 2024
වී ගබඩා 12ක් හෙට සිට සීරුවෙන් වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී ගබඩා 12ක් හෙට (15) සිට විවෘතව තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 14 March 2024
ලංකා බැංකු මුල් පුටුව කාවන් රත්නායකට මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසු ව මෙම නව පත් කිරීම සිදු කෙරිණි. 14 March 2024
රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවැත්විණි 14 March 2024
දුර්වල ආණ්ඩුකරණය ආර්ථිකයටත් බලපාලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති වැඩසටහන යටතේ පෙබරවාරි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම්වලින් සියයට 33 ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අයි.එම්.එෆ් මීටරය පෙන්වා දෙයි. 14 March 2024
පළාත් පාලන මැතිවරණය වළදමා වසරක් පිරුණා වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධීව වළදමා වසරක් ගතවී තිබුණ ද ඒ පිළිබඳව හඩ නැගිය යුතු සියලුම පාර්ශව නිහඩව සි බවත් මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඩව සිටිය හොත් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයට තවත් පැල්ලමක් එකතු කිරීම වැලැක්විය නොහැකි බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය. 14 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025