
(යොහාන් භාසුර)
අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ සම්බන්ධ කමිටු වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹදී අද (28) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය. ජාතියෙන් සමාව ගෙන රවී සෙනෙවිරත්න ඉවත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තවමත් පවතින බවත් එය නොකළ හොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඒ මහතා ජනතාව තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද ‘සර්වජන බලය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය භාරව සිටින්නේ ලොකුම චූදිතයෙක් බව කී ගම්මන්පිල මහතා පැවසුවේ අනුර කුමරු රජ වූ පමණින් කෝමාවෙන් හෝ කොමාවෙන් හදිසියේ නැගිට උදය ගම්මන්පිල චෝදනා නැගීමක් නොවන බවත්ය.
උදය ගම්මන්පිලගේ වසර 25 ක පමණ ඉතිහාසය තුළ ආණ්ඩුව කරන වංචා දූෂණ හෙළිදරව් කිරීම් ප්‍රදර්ශනය කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාව පාර්ලිමේන්තුවට ගන්න තරම් අපි මෝඩ නෑ...
ඒ කියන්නේ දෝෂාභියෝගේ එන්නේ නෑ. මොකද පොර පාර්ලිමේන්කුවේ නෑනේ...
තමුන් කලේ සුරේෂ් සලේ හෝදලා රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් එක ඉටු කරපු එක. අනෙක විදෙස් චැනල් එකක ප්‍රචාරය වෙච්චි ඕපාදූපයකට කමිටු දාන්න ඕනෑ නම් අර පැනමා පේපර් වල තිබිච්චි ඒවාට ගම්මන්පිල පිනුම් ගහන්න එපාද? කෝ ඒවාට ගෝඨාභය දාපු කම්ටු වාර්තා? අනේ ගොම්මන්පිල තමුන්ගේ හේදිල්ල ගැන රටම දන්නවා. අර ඕස්ට්‍රේලියන් කාරයාගේ සේසත සුද්ද කරපු නඩුවට වෙන දෙයක් බලාගන්න...
කොහොමත් ගෙම්බෝ යවන්නේ නෑ. ගියත් තනියේම තමයි ඉන්න වෙන්නේ... මෙයා කවුද...?
මේ වාර්තාව අමුතු දෙයක් නොවෙයි, මේක බොහෝදෙනෙක් ළඟ තියෙනවා කියලා පලවෙලා තිබුණා. ඒක නිසා මේක නිකන් පිළුන් වෙච්චි කතාවක්...!
මේ වගේ මිනිස්සුන්ව රටින් පිටුවහල් කරන්න විදියක් නැද්ද?
ඊට කලින් ජනතාව ඔබට දෝෂාභියෝගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නෑ
මේක තමයි මෙයාලා දන්න දේශපාලනය. වර්ථමාන ජනාධිපතිවරයා තවම වැඩ කරන්න ගත්තෙත් නෑ. දැන්මම කකුලෙන් අදිනවා.
අර ඕස්ට්‍රේලියා කේස් එකට මොකද වුනේ.. දැන් අමුඩෙත් නැති නිසා මුන වහගෙන මොකක් හරි හොයා ගන්ඩ
විශ්වාස භංග යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුවට එන්න එපැයි
අංගොඩ මානසික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට යොමුකළ යුතු මානසික රෝගියෙක් තමයි..
ඇත්තටම කවුද ඔය මූණ හංගාගෙන හිටපු නිලධාරියා? ඇයි එයාලාට මේ කොටින්ට කඩේ ගිය අයට ගිහින් කෙප්ප අතෑරියේ. කොච්චර කෙප්ප කිව්වද කියනවා නම් ඊට පස්සෙන්දා චැනල් 4 නාලිකාවෙන්ම ඒ වීඩියෝ එක අස් කරා...!
ලංකාවේ ජන අප්‍රියතම මිනිහා ගම්මන්පිල්ලිය...
බලන්න මෙතුමාට චෝදනා කරන කිසිම කෙනෙක්, ඒවා බොරුයි කියලා කියන්නේ නෑ. ජෙප්පෝ තනිකරම කතෝලික මිනිස්සු අන්දලා ඡන්දේ අරන් තියෙන්නේ බොරු වපුරලා. එයාලත් ඉතින් කැමැත්තෙන්ම ඇඳ ගත්තානේ. ඇයි යකෝ ඔය අලුත් කමිටුවට පත් කරන්න වෙන මිනිස්සු හිටියේම නැද්ද?
එතකොට අර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මුදල් වංචා කලේ ශානිද, රවී සෙනවිරත්නද, ඌරු ගොන්මන්පිලද? එම ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ බිරිද මාධ්‍ය හමුවක් පවත්වා ඔය මහා පරහිතකාමියා එවක මන්ත්‍රී වරප්‍රසාද මග හරිමින් අධිකරණයේ පෙනී නොසිට ඔවුන් අධිකරණය නියම කළ දිනයට මෙරටට පැමිණ හෝටල් හි නැවැතී ගුවන් ටිකට්පත් සඳහා විශාල වියදම් දරා ආවාද විවිධ කරුණු දක්වමින් කළ අකටයුතුකම් රටටම හෙලිකළා. මෙම සිදුවීම එකල මාධ්‍යයන් හී පලවු දෑ මා කියවා ඇත. තවද ඔහුට මන්ත්‍රී වරප්‍රසාද යටතේ ඉතා අධිසුඛෝපභෝගී රථවාහන ජනතා මුදලින් ගෙන්වා අධික ලාභ ඉපැයූ කේවට්ටයෙකි...
ගම්මන්පිල මහත්තයෝ ඔයා හදන්නේ වීරයා වෙලා මිනිස්සුන්ගේ ඡන්දෙ ගන්න හදන වැඩක් කියලා හැමෝටම තේරෙනවා. ඔබතුමාටත් වෙන්නේ විමල් වීරවංශ වගේ ඡන්දෙට ඉදිරිපත් නොවී ඉන්න.
මෙතැන කට්ටියක් ගම්මන්පිලට බනිනවා, එයාලාගේ ලොක්කෝ වේදිකා වල බනිනවා. කිසිකෙනෙක් මෙයා කියන කතා අධිකරණයක් ඉදිරියට ගිහිල්ල බොරුයි කියලා ඔප්පු කරන්න උත්සාහයක් නැහැ. බලයේ ඉන්න අයට තියෙන නීතිඥ දැනුම ප්‍රශ්නකාරියි නේද?
ගොම්මන්පිලයාට පිස්සු තදවෙලා මරු කියවනවා. මෙයාටත් කේස් තියෙනවා. ඒකයි පිස්සු තදවෙලා තියෙන්නේ..!
ඡන්දෙන් ඉස්සෙල්ලා කොහොම හරි හැර යන්නයි බුවා ට්‍රයි කරන්නේ. එහෙම වුණාම ගම්මන්පිළ හිතාගෙන ඉන්නේ ඉම්රාන් ඛාන් වගේ හිරේ ඉඳන් ඡන්දේ කරලා දිනන්න පුළුවන් කියලා.
මට නම් ගම්මන්පිල සෙට් වෙන්නේම නෑ. හැබැයි මේ මනුස්සයා කියන ඒවා ආණ්ඩුව ඊට පස්සේ තිබ්බ සාකච්ඡා වලිනුයි, ක්‍රියාවෙනුයි ඔප්පු කරා විතරයිනේ... අනේ මේ අනුර මහත්තයෝ, රවියි, ශානියි ඇත්තටම චෝදනාලත් මිනිස්සු නම් එලවලා දාලා විමර්ශනයක් කරන්න. මොකටද ඔය කුණු ගොඩවල් තියාගෙන නිකන් පක්ෂයත් හෑල්ලු කරන්නේ දෙයියනේ...
සොමියට ගහලා, කරුමෙට හිටලා, වාසනාවට මෙලොවට බිහිවෙච්චි තවත් කෙනෙක්...
ජවිපෙට අපි ඡන්දෙ දුන්නේ මහත්තයෝ වෙන මොකුත් නැතත් මේ ප්‍රශ්නේ හරි සාධාරණව යුක්ති සහගතව ඉෂ්ඨ කරලා දෙයි කියන බලාපොරොත්තුවෙන්... දැන් කාදිනල් තුමත් ජවිපෙ එක්ක දේශපාලනයක් කරනවා කියලා තේරුණාම ඒකත් අතෑරලා අපි පැත්තකටම වෙලා ඉන්නවා. වෙන කිසිම ආණ්ඩුවක් මෙච්චර ඉක්මනට මිනිස්සුන්ගේ බලාපොරොත්තු සාහසික විදියට විනාශ කරේ නෑ.
මෙච්චර කල් ඔය වාර්තාව කොහෙද තිබ්බෙ? ඔච්චරම ඔය ප්‍රහාරය ගැන
මෙයා නම් හෙළ කරුමයක් .රාජපක්ෂලා ගේ සාටකේ එල්ලිලා ගොඩ ගියා.කරපු වන්චා දූෂණ වලින් බේරුණා..පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න දූෂිත පවුල් පාලනේ ඉන්න අයව ආරක්ෂා කරන්ඩ නොයෙකුත් උප්පරවැට්ටි දාලා බලනවා.
මේකේ ලයික් දමන බොට් ලට සල්ලි දෙන කෙනා නන් අමු මොඩයෙක්
මම මේකට විරුද්ධයි
ජනදිපතිට දෝශාභියෝග ගෙනෙන්න ඉස්සර පාර්ලිමේන්තුවට යන්න එපැයි , වැලේ වැල නැති දේශපාලන අනාථයෙක්
ඕකට පුලුවන් ඕව විතරයි
උගන්ඩාවෙන් ඩොලර් බිලියන 18 (රුපියල් කෝටි 527485) ගෙනාවා, තෙල් මිල රුපියල් 150කින් අඩු කරා බිත්තර වල ඇමතිට යන රුපියල් 10 අඩු කරලා බිත්තර 20ට දුන්නා පොල් මිල සෑහෙන අඩු කරා හාල් ඉතාම සුලභ කරා. (තව ටික දවසකින් නිකන් දෙයිද මන්දා) ලියුම් මේසෙ උඩ තියාගෙන බෝම්බ ගහන්න උදව් කරපු නැති, වලං හෝදන්නෙ නැති දෙන්නෙක් CID එකේ ලොකු පුටු වලට දැම්මා බෝම්බ ගහනව කියන භය නැති කරා (විදේශීය රටවල් වලින් වෝර්නින් දෙන්නෙ නෑ දැන්) අරලිය ගහ මන්දිරේ තාප්ප කැඩුවෙ නෑ රාජපක්ශලාගේ ආන්ඩුවේ පාවිච්චි කරපු වාහන ඔක්කොම විකුණලා ඒවායින් දුප්පත් අයට පාන් අරන් දුන්නා මාලිමාවෙ අය පඩි තකා වැඩ කරන්නෙ නෑ.
හිරේ ඉඳලා දෝෂාභියෝග ගේන්න ක්‍රියා පටිපාටියක් තියෙනවද? මම හිතන්නේ යකඩ කූරු විතරයි ගණන් කරන්න පුළුවන්.
දෙයියෝ සාක්කි .ජනාධිපතිතුමා බයවෙලා ඇති
ඕවා මොනවද මෙයා...? පාස්කු ප්‍රහාරේ සැලසුම් කරපු කෙනා ජනපති වෙලා හිටියේ...
සෝම හාමුදුරුවෝ වෙනුවෙන් ලැබුණ ඡන්ද ටික හොරා කාලා පාර්ලිමේන්තුවට රිංගා ගත්තා, ඔස්ට්‍රේලියන් කෙනෙකුගෙනුත් හොර කෑවලු.. මහතීර් මොහොමඩ් ල ලී ක්වාන් යූ ලා ගෙන්න පොළොවේ පස් කැව.. අන්තිමේ පොහොට්ටුව ඉතුරු උනෙත් නෑ.. ගිය තැන විනාසයි.. අන්තිමට රොටියට වෙන්නෙත් ඕකයි. පදක්කම තියා තැටිය වත් ඉතුරු වෙන්නේ නෑ මේවගේ උන් හින්දා...
මේ තක්කඩියගේ දේශපාලනය තේරුම් ගන්න , මොහු හදන්නේ වීරයෙක් වගේ පෙනී හිටලා සාටක බයියෝන්වයි UNP කරයෝන්වයි ෆෝරම් කරලා අපහු පර්ලිමෙතුවට රිංගගන්න ,දවස් 7න් 7ට එන්නෙත් එකයි මොකද එයාගේ නම්බර් එක 7
සියළුම ඡන්ද දායකයන් වෙත කරනු ලබන මතක් කිරීමයි, මොහු නියෝජනය කරන ඇන්ටිජන් හොරාගේ පක්ෂයෙන් කිසිඳු අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු නොයැවීමට වගබලාගන්න. ජාතික ලැයිස්තුවෙන්වත් අවශ්‍ය ප්‍රතිශතය නොදී සිටිනු මැනවි.
සියලුම මාධ්‍යෙව්දීන්ට කරනු ලබන දැනුම්දීමයි. මෙවැනි අයට ඔබගේ වටිනා කාලය වැයකිරීමෙන් වළකින්න. එය ජනතාව සතුයි.
රෝල්...!
මාධ්‍යවේදීන් රවට්ටලා බොරු මාධ්‍ය සාකච්ඡා තියලා නොමිලේ මැතිවරණ ප්‍රචාරය කරගන්නවා...!
ඉතින් ඔයා සේරම දන්නවා නම් විස්තර සේරම ඔය ළඟ තියෙන්නේ. ඔයා උසාවි ගිහින් නඩුවක් දාලා වරදකරුවන් හිරේට දමන්නකෝ . සල්ලි රජයෙන් වියදම් කරාවි...!
ජනතාවාදී අදහස් වලට අකැමැත්ත ප්‍රකාශ කරන අයගේ තාවකාලික සතුට වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්...!
පැලවත්ත ජේවීපී මූලස්ථානයේ JVP කොමෙන්ට් බලකායේ කමෙන්ට්... බොරු නම් වලින්... ඔක්කෝම බොරුවෙන් යන්නේ... JVP වහල් මඩ බලකාය...
පුදුම කපටි, අවස්ථාවාදියෙක්...
අඩුම තරමින් 75%ක් ඩිස්ලයික් ලැබෙන්නේ ව්‍යාජ ගිණුම් (fake accounts) වලින්, එය ඉතා හාස්‍යජනකයි. මෙම ඔන්ලයින් මඩ ප්‍රචාරවලට නොවැටී සිටීමට ජනතාව බුද්ධිමත්ය. අපි මේ උගුල් වලට අහුවෙන්නේ නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ ආණ්ඩුවට සහ එහි අන්ධ වහලුන්ට ගම්මන්පිලව ඔප්පු කිරීමට නොහැකි වී හෝ ප්‍රතික්ෂේප කර නැත. අනුරගේ මෝඩකමට සීමාවක් නැත. ඇත්ත වශයෙන්ම, මෙම රජය වෘත්තීයවේදීන් නොමැති නරකම රජයකි. රටේ ජනාධිපති වඳුරෙක් වගේ හැසිරෙන කොට මොනවාද බලාපොරොත්තු වෙන්නේ? වහලුන් ඔහු පසුපස යාම පුදුමයක් නොවේ..!
දෝෂාභියෝගය රෝල් කරලා ගහගන්න. ඕස්ට්‍රේලියන් ජාතිකයෙක්ගෙන් සල්ලි වන්චාකරලා හොරාකාලා ලංකාවට පැනලා ඉන්නේ. පුළුවන්නම් ඕස්ට්‍රේලියාවට එන්නකෝ. මෙහෙ පොලිසිය බලාගෙන ඉන්නේ අල්ලලා කුදලා ගෙන ගිහිල්ලා හිරේට දාන්න. මේවගේ හොරු නිසා ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාන්කිකයින්ව ගණන් ගන්නේ නැති තත්වයකුත් දැන් තියෙනවා.
මේකේ වැඩිහරියක් unlike කරලා තියෙන්නේ සීයගේ සට්ටැම්බියෝ..
ශ්‍රී ලංකාවේ ඉන්න අය කවදාවත් ගොඩ එන්නේ නැහැ.. අසුචි වලේම ඉන්න උපන් පණුවෝ ජාතියක්...
පාර්ලිමේන්තු එන්න ඉස්සෙල්ලා. හොඳ මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න.
අනේ ගොබ්බයෝ ඉස්සෙල්ලා... ඔයා දිනලා ඉන්න කෙනෙක්... මෙයා හීන දකිනවා...!