IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට

(එස් හේරත්)

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්අඩංගුවට ගත් බව  තොඩුවාව පොලිසිය කියයි.  

මාරවිල සිට හලාවත දක්වා වූ වෙරළබඩ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ අසල්වාසී මහජනතාවට පීඩා වන අයුරින් අධික ශබ්ද නගමින් අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කරන බවට  තොඩුවාව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහිත යාපා මහතාට ලැබුණ තොරතුරකට අනුව මෙම යතුරු පැදි සමග තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන තරුණයන් පිරිස මාදම්පේ නාත්තන්ඩිය සහ කිරිමැටියාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

මාරවිල සිට හලාවත දක්වා වැටී ඇති වෙරළබඩ මාර්ගයේ සති අන්තයේ දිනවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී අධික ශබ්ද නගමින් අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කිරීම ටික කලක සිට සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (3)

අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට

රම්බොඩ Monday, 28 October 2024 01:05 PM

යතුරුපැදි රාජසන්තක කරලා පොලිස් සේවයට ගත්ත නම් හොඳම දඬුවමක් .

:       4       29

මංජුල Monday, 28 October 2024 01:59 PM

එතකොට සංතෝසයිද?

:       13       13

SK Monday, 28 October 2024 03:05 PM

ඉතාලි සල්ලි වලින් විනෝද වෙනවා

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site