
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත.
එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි.
ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලයට දොස් නැගුවේ ඊශ්‍රායලය ඉකුත් සති අන්තයේ ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙනි.
ඊශ්‍රායලය එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු දෙමිනි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මේ වනවිට සැඟවී සිටින බව පැවැසෙයි. කමේනී ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙව් නායකයින්ගේ ඇත්තේ අහවල් ආධ්‍යාත්මිකත්වයක්ද? රටක ජනතාවගේ නහයට ලේ සුවඳ අල්ලා, ලේ සොයා දුවන්නට උසිගන්වන්නන් විසින් තනන රට හෝ ලෝකය හෝ කුමක්ද? කාටද? මිහිකතට බරක් පමණක් ම වූ පන්චස්කන්ධ...
මෙයාගේ මොකක්ද තියෙන උත්තරීතරකම... ?
මේකගෙ අධ්‍යාත්මය මොකක්ද , උත්තරීතර කම මොකක්ද ? මේ වචන වලට කරන නිග්‍රහයක් .