IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩංගුවට පත් සැකකරු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.

ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කර සිටිමින් සිටියදී කුරුඳුවත්ත පොලිසිය මගින්  අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ යාගොඩ මුල්ලේ පදිංචි ඒ. ටිරාන් තුෂාන් කවිරත්න(54) නැමති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනය වන අයුරින් අන්තවාදී ක්‍රියාවන් සිදු කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සැකකරු විසින් එක්රැස් කළේ යැයි කියන  තොරතුරු පොතක් සහ ඡායාරූප සාක්ෂි ලේඛන ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති පොලිසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත්  කරමින් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට ඇති එයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා ඇත .

සැකකරු කිසියම් ත්‍රස්ත සංවිධානයක් හා සම්බන්ධව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවද සඳහන් කළේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසද සැකකරු ලබන 11 වැනි දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලෙසද නියෝග කළේය.



අදහස් (0)

ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site