දිස්ත්‍රික්ක 10කට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 76 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 04 ) පස්වරුවේ නිකුත් කර තිබේ. 04 June 2024
මෙක්සිකෝ නගරාධිපතිනිය මරා දමලා බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය. 04 June 2024
සඳෙන් පස් අරන් චීන යානය ඔන්න ආපසු එනවා සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් ’චැංග් ඊ 6’ නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය. 04 June 2024
ජනපති උඩින් ගිහින් ආපදා නිරීක්ෂණය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් ගොස් ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය. 04 June 2024
හෙට වැසෙන පාසල් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සියලු පාසල් සඳහා හෙට(05) නිවාඩු ලබාදි ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරතිබේ. 04 June 2024
‘යළි පා.ම වෙන්න බලාපොරොත්තුවක් නෑ‘ යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 04 June 2024
විදුලිබල ප්‍රතිසංස්කරණ පනතේ සංශෝධන පිළිගන්නවා විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලු සංශෝධන පිළිගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (4) පැවසීය. 04 June 2024
බදු වංචාවක් කරන්න ගිය ව්‍යාපාරික දෙකක් මාට්ටු ඩුබායි සිට මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක කොටසකට අඩුවෙන් තීරු බදු ගෙවා සහ තවත් භාණ්ඩ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 04 June 2024
රුවන්ගෙන් ගංවතුර ආධාර ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ප්‍රදේශ කිහිපයක ගං වතුරෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමේ සත්කාරක වැඩසටහනක් කාලගුණ විපර්යාස පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ අද (4) ක්‍රියාත්මක විය. 04 June 2024
අනුරපුරේ පාසල් පහළොවක් වැහිලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පහළොවක් 2010 වර්ෂයේ සිට මේ දක්වා ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 June 2024
විදුලි පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 June 2024
විපක්ෂය එතැන ඉන්නේ අභියෝග බාර නොගත් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 June 2024
කොටස් වෙළෙදපොළ වැටිලා මහ මැතිවරණය ආරම්භයේදී අපේක්ෂා කළ ආකාරයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශාල බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවට පෙනී යාමත් සමඟ ඉන්දීය කොටස් විකුණුම් මිල දර්ශකය වන සෙන්සෙක්ස් දිවා කාලයේදී ඒකක 5522.98 කින් පමණ පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 04 June 2024
තීන්දු තීරණ ගන්නා විට කාන්තාවත් ලඟ සිටිය යුතුයි රටක තීන්දු තීරණ ගන්නා විට කාන්තාවන් සහ පිරිමින් එකට වාඩිවී තීරණ ගන්නවා එය රටට වඩා වැදගත් වෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 04 June 2024
කොංග්‍රසයට ආසන 100 ක් මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්රස් පක්ෂයට ලොක් සභාවේ තුළ ආසන 100 කට වැඩි සංඛ්‍යාවක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණේය. 2014 වසරින් පසුව ඉන්දීය කොංග්රස් පක්ෂය ලොක් සභාව තුළ හිමිකර ගත් වැඩිම ආසන සංඛ්‍යාව මෙය විය. 04 June 2024
ගංවතුරින් රටපුරා 17 ක් මරුට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 ක් මියගොස් 13 ක් තුවාල ලබා එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 04 June 2024
මෝදිට බහුතරය අහිමි වේවිද? ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට තියුණු සටනක් දීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සමන්විත ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී. 04 June 2024
2032 ඔලිම්පික් දිනන්න දැන් තියා සූදානම් වෙයි 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
මෝසමේ දෝස නසන්න බලකායක් මෙවර නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
ලාෆ් ගෑස් රුපියල් 160 කින් අඩු කරයි ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමාගම අද (3) නිවේදනය කළේය. 04 June 2024
අක්කරෙයිපත්තුව රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක්ට විරෝධයක් අක්කරෙයිපත්තුව මුලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක් වන වෛද්‍ය ජාවාහිර් මහතා නැවත අක්කරෙයිපත්තුව මුලික රෝහලට පැමිණීමට විරෝධය දක්වමින් අක්කරෙයිපත්තුව මුලික රෝහල ඉදිරිපිට රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් විරෝධයක් පවත්වනු ලැබීය. 04 June 2024
අධ්‍යාපනය පිම්මකින් පන්නන යෝජනාවලියට කැබිනට් අනුමැතිය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
ධාන්‍ය කිහිපයක ආනයන පාලනය ඉවතට තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 04 June 2024
බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි සංචාරයකට ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 04 June 2024
ආපදා සහන මුදල වැඩි කරන්න ආපදාවලින් විපතට පත් වූවන්ට ලබා දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නැති හෙයින් වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස්කර සහනාධාර මුදල වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) රජයෙන් ඉල්ලීමක් කළේය. 04 June 2024
ආචාර්ය හේමාලිට ජාත්‍යන්තර තනතුරක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ ( Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර තිබේ. 04 June 2024
තෙවන වරටත් ඉන්දියාව මෝදිට ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 June 2024
දකුණෙන් පළාත් අටක ආදායම් බලපත්‍ර නිකුත් කරයි බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා පැවසීය. 04 June 2024
ලිට්රෝ ගෑස් රුපියල් 150 කින් අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය 04 June 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026