
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ විශාල ගැටලුවක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදීය.
නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති.
ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බව කියති.
එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
එමගින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවද එම විශාරදයෝ වැඩිදුරටත් සඳහන් කරති.
මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව නව දිනය සඳහන් කරමින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
14 වැනිදා දිනය තීරණය කලේ කාගේ වුවමනාවටද? 15 පෝය, 16 සෙනසුරාදා තමයි සුදුසුම දිනය. ආර්ථිකය දුර්වල රටකට වැඩ කරන සතියේ දිනයක් ඡන්දයක් වෙනුවෙන් නැති කරගන්න එක මෝඩ වැඩක්.
ලොක්කන්ට ගැලපෙන ආකාරයට නැකැත් පත හදාගෙන හිටියා.. දැන් මොකද වෙන්නේ කියලා බලාගෙන සිටිමු. කොහොම වුණත් ලංකාවේ මිනිස්සු හැමදාම රැල්ල පාගන්න කැමතිනේ...
ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙන්නේ මේවා නිසා නෙවෙයි. ජනතා පරමාධිපත්‍යෙයන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඊට පස්සේ ගෙම්බන් වගේ පක්ෂේ මාරුකරනකොට.
15 පෝය දවසේ නම් එපෝ... අපේ ගම්පළාත් වල පන්සල් දෙක තුනක කඨින පිංකම් 14/15 දෙකේ. සෙනසුරාදා අල්ලලා තියන්න ඉරිදාත් නිවාඩු දිනයක් නිසා ඇඳිරි නීතිය දැම්මත්..!
මෙච්චර වැදගත් වැඩකදී මේ වගේ සරල ගාණක්වත් හදාගන්න බැරි අයද ඔය කොමිසමේ ඉන්නේ? අනේමන්දා...
වේදිකාවල දුන්නු පොරොන්දු ඉටු කරන්න බැරි බව දන්නා නිසා ජනපතිවරණ ජයෙන් පස්සේ හැකි ඉක්මණින් ඡන්දය තියන්න කඩිමුඩියේ වැඩ කරන්න ගියාම වෙන දේවල්...!
14 තමා හොඳම දවස, වෙනස් කරන්න එපා...!
අයි එම් එෆ් එක කියන්නෙු ණය දෙන ආයතනයක්. මේ ආන්ඩුවේ කට්ටිය දුන්නු ඡන්ද පොරොන්දු ඉටු කරන්න ගියොත් ණය ගන්න බැරිවෙන නිසා තැටිය රත් වුණු වෙලේ රොටිය පුච්චා ගන්න හදිසියට ගිහින් අලුතෙන් තව වියදම්...!
යාන්තම් රනිල් ජනපතිවරණය නියම දිනේට පැවැත්තුවා. මෙයාලාට ඒකවත් හරියට කරන්න බැහැ...
පුළුවන්නම් ඔය ඡන්දය කලින් තියලා දෙන්න. මේ යන විදිහට ගියොත් උගන්ඩාවේ සල්ලි ගේන්න අපිටත් යන්න වෙනවා. බොරු පොරොන්දු ටික එළිවෙද්දී.
මහා බුද්ධිමතුන්.. දැන් දවස් 35 ගනින්නත් තේරෙන්නේ නැහැ. මොන්ටිසෝරි ළමයින්ට පුළුවන් දේත් බැරිය...
බලය ලැබුණු ගමන්ම, මහ ඡන්දයක් තියාගන්න ගිහින් ඒකත් අනාගත්තා. ගණන් බැරි අය කොහොමද අයි.එම්.එෆ් එක සමග ඩීල් දාන්නේ...? කියලා අනිකුත් දේශපාලන පක්ෂ නායකයෝ හුරේ දමනවා.
ඡන්දේ පවත්වන දිනය විතරක් හරියට තිබුනොත් ඇත්ද? අනික් දේවල් යකාට ගියත් කමක් නැහැ...!
ජාතික ජන බලවේගයට මෙම දිනය අසුබ බව ජාතික ජන බලවේගයට කඩේ යන ජ්‍යොතීර්වේදියෙක් කියනවා. රවි ග්‍රහයා නීචවෙලා තියෙන නොවැම්බර් මැද දක්වා හොඳ නැති බවත්, ශනි සහ ගුරු වක්‍රවෙලා තියෙන නිසා මේ කාලය තව දින කීපයක් පසුකරන ලෙස උපදෙස් දීලා තියෙනවා. මේ කතාව ජ්‍යෙතිෂ්‍යට අනුව සත්‍යයක්. රවී නීචවෙලා තියන කාලෙට ඕනෑම නායකයෙක් පච වෙනවා. ඒක වෙලා තියෙන බවත් පේන්නම තියෙන නිසා තමයි ඔය දිනය වෙනස් කරන්න යන්නේ...!
පාඨක අදහස් වලින් පේන්නේ ජනාධිපතිවරණයෙන් පසුත් දේශපාලන අඳබාලයන් සිටින බවයි...!
මැතිවරණය පවත්වන දිනය ප්‍රධාන පක්ෂ කිසිම එකකට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. අපේ රටේ ඉන්නවා නිකන් කැසිල්ලට හැම එකකටම පෙත්සම් ගහන එවුන් ටිකක්, උන්ට තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
ජනාධිපතිවරණය පැවැත්වෙන එකටත් නොයෙකුත් උප්පරවැට්ටි දැම්මා. මහ මැතිවරණයටත් දිනය අල්ලාගෙන දඟලනවා. බලාගෙන ගියාම අපේ රටේත් ඉන්නේ පුදුම ජාතියක්...!
මැතිවරණයේ දිනය වෙනස්වීම ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් සිදූ නොකරනු ඇත. දිනය වෙනස්කිරීම ව්‍යවස්ථාවේ ඇති වගන්ති මත කිසිවෙකු විසින් අභියෝගයට ලක් කිරීමක් පමණි. කොහොමත් ලංකාවේ ව්‍යවස්ථාව රටේ ප්‍රගමනයට වඩා බලයේ හිටපු අයගේ බලය වැඩි කිරීමට සංශෝධන කරපු එක ලියවිල්ලකි. රටේ නීති හදන්න ගිය කිව්වට තවම සුද්දාගේ කාලේ නීති ක්‍රියාත්මකයි. ඡන්ද දිනයෙන් මානව හිමිකම් කඩවීමක් සිදු වී තිබේද?
1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුවට ඡන්දය පැවැත්විය යුත්තේ නාම යෝජනා බාරදීමේ අවසාන දවසේ සිට තුන්වන සහ අටවන සති අතරයි. ඒ නිසා නොවැම්බර් 14 දිනයේ අවුලක් මට නම් පෙන්නේ නැහැ.
මේක හරියට අවුරුදු ලැබුවා වගේ වෙලා...
ඡන්දේ තියෙන දවස වෙනස් කරත් ප්‍රතිඵලයේ වෙනසක් නැහැ කියලා තේරුම් ගන්න ඕනෑ...
විරුද්ධ පක්ෂ වලට රස කර කර කතා කරන්ඩ අලුත් මාතෘකාවක්