
(ගයාන් සූරිය ආරච්චි)
අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු සිර මැදිරියේ යකඩ කූරක එල්ලී ගෙල වැළලා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් එය වළක්වා සැකකරු ජාතික රෝහලට ඇතුළත් ඇතුලත් කර ඇති බව පිටකොටුව පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ බේස්ලයින් පාර සිරි සර උයන මහල් නිවාස සංකීර්ණයක පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු තුනකට අදාල පුද්ගලයකු ඕල්කට් මාවත ප්‍රදේශයේදී පිටකොටුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු පිටකොටුව පොලිසියේ සිර කුටිය තුළ රඳවා තිබියදී සැකකරු හැඳ සිටි ඇදුමක කොටසක් ඉරා සිර මැදිරියේ යකඩ දොරෙහි කූරක එල්ලි ගෙල වැලලා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් ඔහු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියට දැම්ම නම් මෙයාට ඇප දෙයි. අර හිටපු ඇමතියෙකුටත් ඇප දුන්නේ සියදිවි නහගන්නවා කිව්වා කියලා.