(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 

මෙසේ අතුරුදහන් ව ඇත්තේ   වතුපිටිවල අයෝජන කලාපයේ රේණුකා පොල් කිරි ආයතනයේ සේවය කළ හපුතලේ, තංගමලේ ප්‍රදේශයේ පදිංචි පුවනේෂ්වරන් පවිත්‍රන් නැමැත්තෙකි 

අතුරුදහන්  පුද්ගලයා සමග තවත් පුද්ගලයින් 7 දෙනෙකු දිය නැම සදහා පැමිණ ඇති අතර ඔවුන් හට කිසිදු අනතුරක් සිදුව නොමැත.

අතුරුදහන් අය සෙවීම සදහා පොලිසිය පරීක්ෂණ පවත්වයි