
(චන්ද්‍රසේන ගමගේ )
මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හිරිකැටිය වෙරළ තීරය මේ දිනවල විදේශීය සංචාරකයින් ගෙන් පිරී පවතී.
විදේශීය සංචාරකයින් අද(26) දිනයේ ද දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙන අයුරුද හිරු රශ්මිය විදීමට පැමිණ සිටින අයුරුද දැකගැනීමට හැකි වූහ.
බොහෝ විදේශීය සංචාරකයින් පැවසුවේ රට තුළ පවතින ආරක්ෂක තත්වය පිළිබදව තමන් සෑහීමකට පත්වන බවයි. එමෙන්ම නිදහසසේ සංචාරය කළ හැකි රටක් ලෙස තමන්ට ශ්‍රී ලංකාව හදුන්වා දිය හැකි බවද ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන් රටට එන එක මේ වෙලාවේ ලොකු දෙයක්. හැබැයි ඇමරිකාවයි ඊශ්‍රායලය එකතුවෙලා ඒ ගොල්ලන්ගේ හමුදා කට්ටියට විනෝද වෙන්න නිකේතන හදන්න අප රටේ පහුගිය රජය එක්ක රහසින් වැඩ කරලා අන්තිමට හිටපු ගමන් අපේ මුළු සංචාරක ව්‍යාපාරයම අතුගෑවිලා යන විදියට නිවේදන කරපු ඒක නම් වැරදි වැඩක්. ඒක ඒ රටවලට හොඳින් කියලා දෙන්න ඕනි. අනික මේ එන සංචාරකයෝ රටට ඇවිත් විනෝද වෙලා යන එකට වඩා මේ හෝටල් දාන්නයි බාබර් සැලුන් දාන්නයි වගේ වෙන වෙන සල්ලි හම්බුකරන වැඩ කරන ඒක ගැන රජය හොඳට හිතලා බලලා තීරණයක් ඔවුන්ට දැනුම් දෙන්න ඕනි. නැත්නම් සංචාරක ව්‍යාපාරයෙන් ඒගොල්ලෝ හම්බ කරගෙන ගියාම අපිට හුලන් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ.