
(ඩී.ජී.සුගතපාල, චන්ද්‍රසිරි ගුණසේකර සහ ජේ.කේ.ඒල්.චාමින්ද )
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
ඉතිරි කොට්ඨාස දෙකේ බලය සමගි ජනබලවේගය හිමිකරගෙන තිබේ. පිටුවල හා අවිත්තාව යන කොට්ඨාස සමගි ජනබලවේගය දිනා ගත් කොට්ඨාස වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17 කි.
සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර මින් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතය.
මධ්‍යස්ථාන 48කදි ඡන්ද විමසිම සිදු කරනු ලැබු අතර ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 55643කි.
ඇල්පිටිය ප්‍රදේශට යහපත් කාලගුණ තත්වයක් පැවැති අතර හදිසි ගංවතුර තත්වයක් හෝ ආපදා තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිළධාරින් ප්‍රවාහනය කිරිම සඳහා බෝට්ටු සේවාවක්ද සහන සේවා කණ්ඩායම්ද සුදානම්කර තිබිණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධින කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර තිබුණ ද නාම යෝජනා බාරදි ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ එක් ස්වාධින කණ්ඩායමක් පමණි.
උදෑසන 7සිට සවස 4දක්වා පැවති ඡන්ද විමසිමේදි ඡන්ද ප්‍රකාශකර ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 63%ක් බවත් ඡන්ද විමසිම සාමකාමිව පැවති බවත් දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ.ධරමසිරි මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක්යැ. අනිත් කණ්ඩායම් පුංචි රැස්වීම් වලදී පවා ප්‍රචාරණ කටයුතු පැත්තක තියල ඇණකොටා ගන්න පටන් අරගෙන. අපි ආවේ තමුසෙගේ කතා අහන්න නොවේ ලොක්කගේ කතා අහන්න කියලත් කියන්න පටන් අරගෙන. සමහරු දැන් දැන් අපට කන්න බොන්න දියව්. ගෙවල්වලට යන්න බස් දියව් කියලා. එළිපිටම කෑකෝ ගහනවා ඇහෙනවා. මණ්ඩලේ හොඳටම කචල් වෙලා වගෙයි පෙනෙන්න තියෙන්නේ. මහ ඡන්දෙදි වෙන දේ ගැන කියලා වැඩක් නෑ.
එතකොට මැදමුලන හොර රංචුවට මොනවද උනේ ? පව් අප්පා... නාකි මයිනාට හාට් ඇටෑක් හැදෙනවා නියතයි.... නාමල් නාම්බා රට යාවි .... පවුල හොයා ගෙන !!!
මාලිමාවට අපෙන් සුබ පැතුම්
විපක්ෂයටත් විශිෂ්ඨ ජයක් ජයවේවා.... මාලිමාව තවමත් කයිය පච කියන එක නතර කර නැති වගේ මෙයින් පේන්නේ...
අවුරුදු 76ක් කරපු උන් මේක දින්නා නම් රට හදන්න රඟන රැඟිල්ල බලාගන්න තිබුණා....
2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන මහ ඡන්දයේ ප්‍රතිඵල, ඔය පුංචි ඡන්දයෙන් හිතා ගන්න පුලුවන්. පාර්ලිමේන්තු මැතිවරනයෙන්ද, මාලිමාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගන්නවා ඇත. එය සක්සුදක් සේ පැහැදිලියි.
ජය නම් තමයි. හැබැයි විශිෂ්ඨ නම් නෑ වගේ. ජනාධිපතිවරණෙටත් වඩා ප්‍රතිශතය අඩුයි. 49%, 48% වෙලා තියෙන්නෙ. විපක්ශ 52%ක් දිනල තියෙන්නෙ.
කෝචොක් කරන්ඩ එපා මහත්තයෝ.
මිනිස්සු දන්නවා දැන් හොරු පත් කරලා රටට වෙන සෙතේ