
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 2447ක් ඊශ්‍රායල් බලා පිටත්ව ගොස් තිබේ.
මේ අතර, කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබු තවත් ශ්‍රී ලාංකිකයන් 61 ක් දෙනකු වෙත ගුවන් ටිකට්පත් ලබා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වුණු බව කාර්යංශය පවසයි.
මෙම පිරිස ඊශ්‍රායෙල් කෘෂි කාර්මික රැකියා හිමි වූ 53 හා 54 වන කණ්ඩායම වන අතර, ඔවුන්ගෙන් 13 දෙනෙක් මේ මස 30 දිනත් සෙසු පිරිස නොවැම්බර් මස 6 සහ 16 දිනයන් හිදිත් ඊශ්‍රායල් බලා පිටත්ව යාමට නියමිතයි.
මේ දිනවල ඊශ්‍රායල්යේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට රැකියාවල නිරතව සිටින ශ්‍රී ලංකිකයින්ට කිසිදු කරදරයක් සිදු වී නොමැති බව එරට ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය මගින් තහවුරු කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලයට යාමට බිය නොවන්න, එය හොඳ රටක් සහ හොඳ මිනිසුන්..!
ලාංකිකයෝ හිතන්නේ රුපියල් සත ගානේ විතරයි. යුක්තිය අසාධාරණය ගානේ කිසිම තැකීමක් නෑ. ඊශ්‍රායල් ජාතිකයෝ මිනිස් ජීවිත බිලිගන්නේ ලාංකිකයෝ වගේ බොහෝ දෙනෙක් හිතන නිසා... යුදෙව්වන් මිහිපිට නොසිටිය ජාතියක්, දෙවැනි ලෝකයේ යුද්ධයට මුල යුදෙව්වන්...
කතාව ඇත්ත අපිට සලකන කවුරුවත් නැහැ. ඒක දන්නේ ගියපු අය විතරයි. කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තු නොවී අපි අපේ රට ගොඩ දාගමු.
ඊශ්‍රායල යේ පාලකයෝ සාමකාමී වාතාවරණයක් තිබෙන අපේ රටේ සංචාරය කරන්න එන ඔවුන්ගේ පුරවැසියන්ට අනාගතේ වියහැකි සුළු හෝ විපතක් පිළිබඳව කලින් දැනුවත් කරනවා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න , නමුත් අපේ පාලකයෝ දැනටමත් මිසෛල වැටෙන , ඉදිරි මාස කිපෙදී විශාල යුධයක් ඇතිවියහැකි බවට 70% පමණ සම්භාව්‍යතාවයක් තිබෙන ඊශ්‍රායලලයට බුරුතු පිටින් ශ්‍රමිකයෝ යවන්න කටයුතු කරනවා , අපේ රටේ ඉන්න මෝඩ යක්කු වැඩිපුර සල්ලි ලැබෙනවා නම් අපායට වුනත් යන්න සුදානම් ,